පළකල දිනය : Sat, Apr 28th, 2018

දවසේ පැය 24 පුරා ත්‍රීරෝද රිය ගිලන් රියක් කරගත් උතුම් රියදුරා !

දවසේ පැය 24 පුරා සිය ත්‍රීරෝද රථයෙන් නොමිලේ ගිලන් රථ සේවයක් පවත්වාගෙන යන උදාර පුද්ගලයකු පිළිබඳ මාතර, අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.

මාතර අකුරැස්ස ඉලුප්පැල්ල ගමෙහි පදි චමින්ද සිසිර කුමාර දෙදරු පියෙකි. තම ජීවන වෘත්තිය ලෙස අකුරැස්ස නිල්වලා ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයකු ලෙස කුලී ගමන් රථ සේවයක් පවත්වාගෙන යනු ලබන්නේය.

අකුරැස්ස ප්‍රදේශයේ ජනතාව , තමන්ගේ ප්‍රදේශයේ රෝගියෙකු රෝහල කරා ගෙන යැමට අවශ්‍ය වූ විට සිදු කරන්නේ චමින්දට දුරකථන ඇමතුමක් දීම පමණි. එසැණින් එම ස්ථානය කරා පැමිනෙන චමින්ද රෝගියා රෝහල වෙත නොමිලේ රැගෙන යනු ලබයි.

එහෙත් ඇතැම් අවස්ථාවල ඔහුට අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්නටද චමින්දට මේ වන විට සිදුව ඇත. ඒ කිසිවක් නිසා නොව චමින්දගේ මනුෂ්‍යත්වය සාහසික ලෙස අපහාසයට ලක් කරන්නට ඇතැම් නොහික්මුණු පුද්ගලයන් සිදුකරන අකටයුතුකම් හේතුවෙනි.

මේ පිළිබදව අදහස් දක්වන චමින්ද මාධ්‍යයට පවසා තිබුනේ

” මෙම ගිලන් රථ සේවය මීට වසර 4කට පමණ පෙර තමයි මම පටන් ගත්තේ. අපි ඉපදිලා මැරෙන මිනිස්සුනේ. මැරෙන කොට අපිට අරන් යන්න ඉතිරි වෙන්නේ ජීවත්ව සිටි කාලය තුළ කරපු දේ නම් අපි යහපත් දේ කරන්න ඕන. ඒ නිසා තමයි මේ වගේ දෙයක් කරන්න හිතුණේ.

ඒත් මේ ක්‍රියාව සිදුකරන කොට මාව රැවටීමට ලක් කරලා, මාව අපහසුතාවට පත් කිරීම් මීට පෙර සිද්ධ වුණා. ඇත්තටම ඒ වගේ දේවල් මට කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද එහෙම කරන අයටත් දවසක මගේ මේ ගිලන් රථ සේවයේ උපකාරය උවමනා වෙන්න පුළුවන්”

මිල මුදල් පසුපස දිවයන මනුෂ්‍යත්වය අමතක කරන සමාජයක අකුරැස්ස ඉලුප්පැල්ල ගමේ චමින්ද සිසිර කුමාර ලොවටම ආදර්ශවත් උතුම් මිනිසෙකු බව කිව යුතුමය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button