පළකල දිනය : Mon, Apr 30th, 2018

පන්ති භාර ගුරුවරයාගේ වාහනයට යටවී මියගිය සූරීයවැව පාසල් දියණිය

දැරිය පාසල් ඇරී සූරියවැව පොළ පාර දිගේ නිවස බලා යමින් සිටින අවස්‌ථාවේ පස්‌වරු 1.40 ට පමණ මෙම අනතුරට ලක්‌ව තිබේ.

දැරිය සූරියවැව පොළ පාරේ පදිංචි සිය මිතුරියකට වෙසක්‌ කාඩ්පතක්‌ ලබාදීම සඳහා පාර මාරුවෙමින් සිටියදී වේගයෙන් පැමිණි වෑන් රථයට යටවී තිබේ.

පාසල් ඇරී නිවස බලා යමින් සිටි දස හැවිරිදි පාසල් දැරියක සිය පන්ති භාර ගුරුවරයාගේම වාහනයට යටවීමෙන් 27 දා මියගොස්‌ ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස්‌ ඇත්තේ සූරියවැව ජාතික පාසලේ පහ බී පන්තියේ ඉගෙනුම ලැබූ අංක 65/02, ධර්මීගම, සූරියවැව පදිංචිව සිටි අසිනි සත්සරණි වලිසිංහ නමැති දස හැවිරිදි දැරියයි.

දැරිය පාසල් ඇරී සූරියවැව පොළ පාර දිගේ නිවස බලා යමින් සිටින අවස්‌ථාවේ පස්‌වරු 1.40 ට පමණ මෙම අනතුරට ලක්‌ව තිබේ.

දැරිය සූරියවැව පොළ පාරේ පදිංචි සිය මිතුරියකට වෙසක්‌ කාඩ්පතක්‌ ලබාදීම සඳහා පාර මාරුවෙමින් සිටියදී වේගයෙන් පැමිණි වෑන් රථයට යටවී තිබේ. අනතුරත් සමග අවට පිරිස්‌ ද එම ස්‌ථානයට එක්‌ව කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ මියගිය දැරියගේම පන්ති භාර ගුරුවරයා අතින් මෙම අනතුරවී ඇතිබවයි.

ගුරුවරයා තමා විසින් පවත්වනු ලබන උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා යැමේදී මෙම අනතුර සිදුව ඇති බව පසුව හෙළිව තිබේ. කෙසේ වෙතත් අනතුර සිදුකළ ගුරුවරයා සම්බන්ධයෙන් හෝ අනතුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසී කිසිවකු මාධ්‍ය වෙත අදහස්‌ ප්‍රකාශ කළේ නැත.

ප්‍රදේශයේ බොහෝ දරුවන් මෙම ගුරුවරයාගේ උපකාරක පන්තිවලට යන බව අනාවරණය වී ඇත. අනතුර සිදුකළ 47 හැවිරිදි ගුරුවරයා වෑන් රථය සමගින් සූරියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

මත්තල – ඩී. එන්. ජයසේකර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button