පළකල දිනය : Wed, May 2nd, 2018

ලෙස්ටගේ දේහය අසල තිබූ “රණ මයුර” සම්මානය අතුරුදන් වෙයි ! (Photos)

ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්වී ඇති බව වාර්තා වෙනවා.

එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද දිනයේ අති විශාල ජනකායක් නිවසට පැමිණ සිටි අතර උදෑසන 10 ට නිවසේ ආගමික වතාවත් සිදු කරන අවස්තාවේදීද සම්මානය එම ස්ථානයේ තිබී ඇති බව සඳහන් වනවා.

නිවසේ ආගමික වතාවත් සිදු කරන අතරතුරදි කිසිවකු විසින් මෙම සම්මානය සොරාගත්තේදැයි සැක පල කරන අතර මේ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button