පළකල දිනය : Sat, May 5th, 2018

ශීතකල කෝමාරිකා ඔබේ නිවස තුල තබා ගත යුත්තේ ඇයි ?

නැවුම් කෝමාරිකා මගින් නිම කල නොහැකි සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් ශරීරයට අත්වන බව සැබෑවක් වුවත් ශීතකළ කෝමාරිකා මගින් නැවුම් කෝමාරිකා වලට වඩා සෞඛ්‍යය ප්‍රතිලාභ අත්වන බව ඔබ පිළිගන්නවාද?

සමේ ඇතිවන නොයෙක් සෞඛ්‍යය ගැටළු සුවපත් කර ගැනීම සඳහා වසර ගණනාවක සිටම ඖෂධයක් ලෙස කෝමාරිකා භාවිතා කරනු ලබනවා.

1. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීම
කෝමාරිකා තුල අන්තර්ගත වන එන්සයිම මගින් අප ආහාරයට ගනු ලබන ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය කර එන්සයිමයන් ශක්තිය බවට පරිවර්තනය කරනු ලබනවා. ඊට අමතරව කෝමාරිකා තුල අඩංගු වන සින්ක් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෞඛ්‍යය සම්පන්න කරනු ලබනවා.

2. ශරීරයේ විෂ හරණය කිරීම
දිනපතා කෝමාරිකා ජෙල් ආහාරයට ගැනීම මගින් ශරීරයේ අන්තර්ගත වන විෂ සහිත සංඝටක ඉවත් කර ආහාර ජීර්ණ පද්ධතිය සහ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කර ගන්නට උපකාර වනවා.

3. අත්‍යාවශ්‍ය පෝෂණ වලින් පොහොසත් වීම
කෝමාරිකා තුල සෞඛ්‍යය වර්ධනයට අවශ්‍ය වන එන්සයිම, සීනි, විටමින්, ඛනිජ, ඇමයිනෝ අම්ල, සැලිසිලික් අම්ල වැනි සෞඛ්‍යය සම්පන්න පෝෂක 75 ක් පමණ අන්තර්ගත වනවා.

4. හෝමෝන නියාමනය කිරීම
කෝමාරිකා මගින් සාර්ථක ලෙස හෝමෝන අසමතුලිතතාවය සුවපත් කර අග්න්‍යාශයේ ඇතිවන ගැටළු ඇතුළුව හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන සෞඛ්‍යය ගැටළු බොහොමයක් සුවපත් කර ගන්නට පුළුවන්.

5. ආහාර ජීර්ණය නිසි ලෙස නියාමනය කිරීම
කෝමාරිකා තුල අන්තර්ගත වන විරේචන සහ වේදනා නාශක සංයෝගයන් නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඇතිවන ගැටළු වන මලබද්ධය, බඩ පිපීම, අජීර්ණ සහ ආම්ලිකතාවය ඇතුළු බොහොමයක් සෞඛ්‍යය ගැටළු සුවපත් කර ගන්නට පුළුවන්. උදරයේ ඇතිවන ගෙඩි සුවපත් කර ගැනීම සඳහාත් කෝමාරිකා ජෙල් ආහාරයට ගන්නට පුළුවන්.

කෝමාරිකා තුල අන්තර්ගත වන බැක්ටීරියා නාශක බලය උදරය සුවපත් කිරීම සඳහා උපකාර වනවා.

6. රක්තහීනතාවය සුවපත් කිරීමට
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී රක්තහීනතාවය මෙන්ම ආහාර ජීර්ණ ගැටළු, අක්මාවේ ගැටළු, කහඋණ රෝගය සහ පිත්තාශයේ මෙන්ම අක්මා ගැටළු සුවපත් කිරීම සඳහාත් කෝමාරිකා භාවිතා කරනු ලබනවා.

7. මේ සෞඛ්‍යය ඔප්නංවා ගැනීමට
සමේ පිළිස්සුම් තුවාල සහ කැපුම් තුවාල ආදිය සුවපත් කර සම නැවත නිසි ලෙස සකස් කිරීම සහ සමේ සජලනය පවත්වා ගැනීමට කෝමාරිකා භාවිතා කරන්නට පුළුවන්. කෝමාරිකා තුල අන්තර්ගත වන “gibbberellins” සහ “auxin” හෝමෝන මගින් තුවාල සුවපත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන අතර නව සෛල නිර්මාණය කර සමේ ඇතිවන වේදනාවද සමනය කරනු ලබනවා.
ඊට අමතරව “auxin” හෝමෝනය මගින් සමෙහි බිබිලි දැමීම, කැසීම සහ දද ඇතිවීම වැනි විවිධ ආසාදනයන්ගෙන්ද ආරක්ෂා කරනු ලබනවා.

8. අකලට වියපත්වීම වැලැක්වීම
කෝමාරිකා තුල අන්තර්ගත වන බීටා කරොටින් වැනි ප්‍රතිඔක්සිකාරක, විටමින් C, විටමින් E මගින් සමේ රැළිවැටීම් වලක්වා සමේ සජලතාවය රැක සම අකලට වියපත්වීම පාලනය කරනු ලබනවා.

9. මුඛ සෞඛ්‍යය වර්ධනය කිරීම
කෝමාරිකා ජෙල් මගින් නොයෙක් ආකාරයේ විදුරුමස් රෝග සුවපත් කර විදුරුමස් ඉදිමීම සහ වේදනාව මෙන්ම රුධිරය වහනය වීම වැනි තත්වයන්ද සුවපත් කරනු ලබනවා. කෝමාරිකා ජෙල් භාවිතය තුලින් එහි අඩංගු වන දිලීරනාශක බලය නිසා මේ ආකාරයේ රෝග නසා මුඛ සෞඛ්‍යය ආරක්‍ෂා කර ගන්නට පුළුවන්.

10. හිසකෙස් සහ හිස්කබලේ තෙතමනය ආරක්‍ෂා කර දීම
හිස්කබලේ කැසීම සුවපත් කර ගැනීමට සහ හිසකෙස් වල වියලි භාවය දුරු කර ගැනීමට කෝමාරිකා භාවිතා කරන්නට පුළුවන්. කෝමාරිකා සතු ඛනිජ සහ විටමින් මගින් හිසකෙස් සෞඛ්‍යය සම්පන්නවී සවිමත් වන අතර කෝමාරිකා සතු බැක්ටීරියානාශක බලය සහ දිලීර නාශක බලය මගින් කේශ මූල සහ හිසේ සමෙහි නව පටල වර්ධනය වීමද සිදු වනවා.

11. දියවැඩියාව සුවපත් කිරීම
කෝමාරිකා ජෙල් ආහාරයට ගැනීම මගින් දියවැඩියාව ඇතිවීමට බලපාන ලිපිඩ මට්ටම සහ රුධිරයේ අධික සීනි මට්ටම Hyperglycemia සාර්ථකව අඩු කර ගන්නට පුළුවන්.

කෝමාරිකා ජෙල් දුහුවිල්ලට, සුළඟට, UV කිරණයන්ට හසුවනවා නම් එහි අඩංගු වන ගුණත්වය පහළ බැසීම සිදු වනවා. කෝමාරිකා සතු සෞඛ්‍යය ප්‍රතිලාභ එලෙසම ලබා ගැනීමට නම් කෝමාරිකා පත්‍ර හෝ පත්‍ර මගින් ලබා ගත් ජෙල් ශීතකරණයේ ගබඩා කර තබන්න.

ශීතකරණයේ අයිස් කැට මිදෙන්නට තබන අච්චුවට කෝමාරිකා ජෙල් පුරවා මිදෙන්නට හැර අවශ්‍ය විටකදී භාවිතයට ගන්න.

උදාහරණයක් ලෙස ඔබ මලබද්ධය නිසා පීඩාවට පත්වනවා නම් ශීතකරණයේ මිදෙනට තැබූ කෝමාරිකා කැටයක් ගෙන මුඛය තුල තබා දියවීයන කෝමාරිකා ජෙල් සාරය ගිලින්න.

මෙලෙසම ඇස් යට කළුවිම පහ කර ගැනීම සඳහාත් කෝමාරිකා කැට භාවිතා කරන්නට පුළුවන්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button