පළකල දිනය : Mon, May 7th, 2018

Titanic සිහිවෙන්න සඳනි- රහල් එක්ක වැඩසටහනට ඇවිත් කරපු වැඩේ (වීඩියෝ)

ඉරාජ් වීරරත්නගේ ‘සාවි’ මියුසික් වීඩියෝව හරහා ජනප්‍රියත්වයට පත් සඳනි ප්‍රනාන්දු මේ දිනවල රියැලිටි වැඩසටහනක් සඳහා දායක වෙලා තියෙනවා.

ඊට අමතරව ප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යය හරහා ඇයගේ රංගන හැකියාවද දැක ගැනීමට හැකියාව ලැබුණු, හිරු ටීවී නාලිකාවේ මේ දිනවල විකාශය වන රියැලිටි වැඩසටහනක් වන මෙගා ස්ටාර් හරහාද ඇයව දැක ගන්න පුළුවන්.

රංගනය, නර්තනය වගේම ඇයගේ ගායන හැකියාවෙන්ද පසුගියදා මෙගා ස්ටාර් වේදීකාව ඇයට හැඩ කරන්න පුළුවන්කම ලැබුණා.

ලෝක ප්‍රසිද්ධ ගීතයක් වන ටයිටැනික් ගීතය ඇය හරි අපූරුවට ගායනා කලා.

වේදිකාවක් හැඩ කල ඇයගේ ගායනය පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button