පළකල දිනය : Wed, May 9th, 2018

සුපිරි බොලිවුඩ් තරු එක තැනනට පායපු සෝනම් කපූර්ගේ විවාහ මංගල්‍යය (Photos)

ලෝ්කයේම කතාබහට ලක්වුනු සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර් සහ ආනද් අහුජාගේ විවාහ මංගල්‍ය ඊයේ මුම්බායි නුවරදී පැවැත්වුනා.

බොලිවුඩ් නළු නිළියන් රැසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක්ද සෝනම්ගේ විවාහ උත්සවයට සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

සෝනම් කපූර් ප්‍රවීණ නළු අනිල් කපූර්ගේ දියණිය වන අතර ඇය විවාහ කරගත් තරුණයා මෝස්තර නිර්මාණ ශිල්පියෙකු මෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකුද වනවා.

එමෙන්ම ආනන්ද අහුජා මුම්බායි නගරයේ ඇඳුම් වෙළෙඳසැල් කිහිපයකම හිමිකරුවෙකුද වන බව සඳහන්.

එසේම තමන්ගේ උත්සවය සඳහා නිර්මාණය කල විවාහ ඇරයුම් පත අනෙකුත් විවාහ උත්සවවලට වඩා හාත්පසින්ම වෙනස් ලෙස නිර්මාණය කර තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනාම පරිසරයට ඉතාමත් ආදරයක් දක්වන නිසා විවාහ ඇරයුම් පත් සඳහා කඩදාසි යොදා නොගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට නිර්මාණශීලි ලෙස නිර්මාණය කරනූ ලැබු විද්‍යුත් ඇරයුම් පත් ඔවුන්ගේ ජංගම දුරකථන හරහා නැදෑ හිතමිතුරන්ට යැවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button