පළකල දිනය : Thu, May 10th, 2018

මහේලයි මාලිංගයි වැඩපෙන්වයි. ගැලවෙන්න ගිය කණ්ඩායම 4ට ඇවිත් වෙච්ච දේ

මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ධූරය දරණ සහ ලසිත් මාලිංග පන්දු යැවීමේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) දිනයේ අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට සමත්වුණා.

ඒ ශාරුක් ඛාන්ගේ හිමිකාරිත්වය ඇති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 102කින් පරාජයට පත් කරමින්.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 210ක් ලබාගැනීමට සමත් වුණා.

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වුන මුම්බායි පිලේ කඩුළු රකින්නා වන ඉෂාන් කිෂාන් පන්දු 21කදි ලකුණු 62ක් ලබාගත්තේ හයේ පහර 6ක් සහ හතරේ පහර 5ක් සමගින්.

අනතුරුව පිටිය පැමිණි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 108ක් පමණයි.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑමේ බලාපොරොත්තුව තවදුරටත් ශක්තිමත් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඒමට සමත්ව තිබෙනවා.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button