පළකල දිනය : Fri, May 11th, 2018

පියයුරු පිළිකා සෑදීමේ අවධානමෙන් මිදෙන්නට මේවා කෑමට ගන්න

කාන්තාවන්ට වැළඳෙන ප්‍රධාන රෝග අතර පියයුරු පිළිකාව හඳුන්වන්න පුළුවන්.

මෙම රෝගය දවසින් දවස ඉහළ යන ආකාරයක්ද දකින්නට පුළුවන්.

නිවැරදි ආහාර රටාවක් සහ යහපත් සෞඛ්‍ය පුරුදු සමඟ මේ භයානක රෝග අවධානමෙන් මිදෙන්නට ඔබට පුළුවන්.

මෙම ලිපියෙන් කියවෙන්නේ පියයුරු පිළිකා වැළඳීමේ අවධානමෙන් ඔබට මිදෙන්නට හැකි ආහාර කිහිපයක් පිළිබඳවයි.

තක්කාලි

පියයුරු පිළිකා වලින් ආරක්ෂා වීමට තක්කාලි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් ඉවහල් වෙන බව වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන දෙයක්. තක්කාලි වල අඩංගු ලයිකෝපීන් කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්.

පිළිකා සෛල වර්ධනය නතර කිරීමෙන් පියයුරු පිළිකා ඇති වීම වැලැක්වීමට ප්‍රබලව මෙය උදවු වෙනවා. පියයුරු පිළිකා හැරුණම පෙනහළු හා අස්ථි පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා ඇති කරන සෛල අඩපණ කිරීම සඳහා ලයිකෝපීන් ප්‍රයෝජනවත් වෙනවා.

සැමන්

සැමන් කියන්නේ ඔමෙගා-3 මේද අම්ල අඩංගු මත්ස්‍ය වර්ගයක්. පිළිකා වර්ධනය අවම කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න ඔමේගා 3 අඩංගු ආහාර සහාය වෙනවා. ඒ වගේම සැමන් කියන්නේ ප්‍රෝටීන් හා විටමින් B12 සහ D අඩංගු ආහාරයක්.

මේ සියළුම පෝෂ්‍ය පදාර්ථ පිළිකා සෛල වර්ධනය පාලනය කිරීම හා පිළිකා වළක්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වෙනවා. සැමන් හැරුණහම ඔමේගා 3 අඩංගු අනෙකුත් මත්ස්‍ය වර්ග විශේෂයෙන් කටු සහිත කුඩා මාළු අනිවාර්යෙන් අහාර වේලට එකතු කර ගන්න.

කහ

කහ, පියයුරු පිළිකා, පෙනහළු සහ සමේ පිළිකා වැනි විවිධ වර්ගවල පිළිකා සමඟ සටන් කරන ඖෂධයක්. ඒ වගේම පිළිකා සෛල ව්‍යාප්ත වීම මන්දගාමී කරන අතර පිළිකා සෛල වර්ධනය වීම අවම කරන්නත් සටන් කරනවා. ඔයාගේ එදිනෙදා ආහාර වේල් පිළියෙළ කර ගනිද්දී කහ එකතු කර ගන්න අමතක කරන්න එපා.

සුදුළූනු

පියයුරු පිළිකා වැළැක්වීම සඳහා සුදුළූණු වල අඩංගු සල්ෆර්, ෆ්ලේවර්න් සහ ෆ්ලේවනොල්ස් කියන පොෂ්‍යයන් උපකාරී වෙනවා. ඒ වගේම මුඛය, ආමාශය හා මහ බඩවැල ආශ්‍රිත පිළිකා සෛල දුර්වල කරනවා.

බ්‍රොකෝලි

බ්‍රොකෝලි වල පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇති සංඝටක අඩංගු වෙනවා. විශේෂයෙන් ඒ මඟින් පියයුරු පිළිකා සෛල වර්ධනය මර්දනය කරනවා. ඒ වගේම ගැබ්ගෙල සහ පුරස්ථි පිළිකා වැනි පිළිකා වලිනුත් ඔයාව ආරක්ෂා කරනවා. බාකෝලි වගේම ඔයාගේ එදිනෙදා ආහාර වේලට ගෝවා, කොළ ගෝවා, වට්ටක්කා වැනි ආහාර එකතු කර ගන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button