පළකල දිනය : Sat, May 12th, 2018

මැති ඇමතිවරුවරුන්ගේ පිහිටට හිටපු අනුරාධපුර මෑණියන්ගේ දේවාලයට ගිනි තබයි !

පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් යන එන මෙරට ප‍්‍රසිද්ධ අනුරාධපුරයේ අනාවැකි කියන කාන්තාවකගේ දේවාලය කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව වාර්තා වෙයි.

මෙම ස්ථානයේ දේශපාලඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දහස් ගණනක් දිනය පුරා ගැවසෙන අතර එහිදී කියන ලබන දේශපාලන අනාවැකි බොහෝ ප‍්‍රසිද්ධය.

මෑතකදී ඇය විසින් කියනා ලද අනාවැකි කිහිපයකින් පසු ඇයට විවිධ පිරිස් වෙතින් තර්ජන ඇතිවූ බවද දැනගන්නට ඇත.

දේවාලය ගිනිගැනීමෙන් පසු අනාවැකි කියන කාන්තාව නීතිය පැත්තෙන් කිසිත් නොකර දෙවියන් ගැන විශ්වාසය තබා කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button