පළකල දිනය : Tue, May 15th, 2018

යාපනයේ සරසවි ඇඳුරා ඉවතලන ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ මෝටර් රථ (වීඩියෝ)

ඉවතලන ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන ලද මෝටර් රථ ප්‍රදර්ශනයක් ඊයේ දිනයේ යාපනයේදී පැවැත් විය.

එම මෝටර් රථ නිෂ්පාදනය කර ඇත්තේ, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරවනබවානන්ද අයියර් මහතා විසිනි.

දේශිය නිෂ්පාදන ඉහළ නැංවීම උදෙසා මෙම මෝටර් රථ නිපදවූ බවමහාචාර්යවරයා පවසයි.

මෙම ප්‍රදර්ශනයට මෝටර් රථ වර්ග 4 ක් එක් කර තිබුණි.

ඒවා මෙසේය,

1. අල්ට්‍රා ලයිට් පිකප් (මෙහි දෙදෙනෙකුට ගමන් කර හැකියි)

2. Jaffna Style Cool Car (එක් පුද්ගලයෙකුට ගමන් කර හැකියි)

3. සෝලා පවර් බේබි කාර් (ළමයි සඳහා)

4. පැඩල් පවර් කාර් (ළමයි සඳහා)

තවද මේ අතර මහාචාර්ය සරවනබවානන්ද අයියර් මහතා විසින් නිෂ්පාදනය කරන ලද යතුරු පැදියක් ද නිමවා තිබේ

යාපනයේ පැවති අමුතු මෝටර් රථ ප්‍රදර්ශනය

යාපනයේ පැවති අමුතු මෝටර් රථ ප්‍රදර්ශනය #lka #News1st #Jaffna

Posted by Newsfirst.lk on Monday, May 14, 2018

  • 877
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button