පළකල දිනය : Fri, May 18th, 2018

මුල්ලිවයික්කාල් සැමරුම ඇරඹෙයි.. විශේෂ රථය පෙරහැරක් (Photos)

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට සමගාමීව යාපනය වැල්වැටිතුරෙයි සිට වව්නියාව හරහා මුලතිව් දක්වා විශේෂ රථයක් ගමන් කිරීමට පියවර ගෙන ඇත.

මෙම රථයේ විශේෂ පහනක් ස්ථාපිත කොට මුල්ලිවයික්කාල් යුද සැමරුමට සහභාගී වීමට නොහැකි ජනතාවට රථයට පිවිස අදාල පහන දල්වා යුද්දෙන් මිය ගිය ඥාතී සොහොයුරන් සිහිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

අද (18) උදෑසන මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි යුද ස්මාර්කය අසල දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් යුද සැමරීමට මේ වන සියල්ල සූදානම් කොට ඇත.

ඊයේ යාපනයෙන් පිටත් වූ මෙම විශේෂ රථය අද උදෑසන මුලතිව් මුල්ලිවයික්කාල් යුද සැමරුම සිදුවන ස්ථානයට ලගා වීමට නියමිතව ඇත.

මේ අතර පසුගිය වසරවල මුල්ලි වයික්කාල් යුද සැමරුම් භූමිය සරසා තිබුනාට වඩා වැඩි සැරසීමකින් අලංකාර කර තිබූ අතරම සෑම වැසියෙකුටම පහනක් දැල්වීමට හැකිවන අයුරින් මුල්ලිවයික්කාල් භූමියේදී පහන් සවිකිරීමටද පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button