පළකල දිනය : Tue, May 22nd, 2018

ලංකාවේ ජනප්‍රිය යුවළක් තව දින 3කින් විදෙස් රටකදී යුගදිවියට !

මේ මංගල උත්සවය තරමක අමුතු විදියෙ එකක් ලෙස හදුන්වන්නට පුළුවන්.

තවත් විදියකින් කිව්වොත්, රජ මාලිගයකදී පැවැත්වෙන කාමරකු සහ කුමරියක අතරවූ විවාහ උත්සවයක් මෙන්.

අප මේ කියන්නට සූදානම් වන්නේ ලබන 25 වැනිදා විවාහවීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තරු යුවළක් පිළිබදවයි. ඒ දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධනගේ විවාහ මංගල්‍යයි.

මේ විවාහ මංගල උත්සවය සිදුවන්නේ ලංකාවේ නම් නොවෙයි. ඉතාලියේදීයි.

මැයි මස 25වැනිදා සවස 3ට ඉතාලියේ CIVITA DI BANGNOREGIO VITERBO හි SAN DONATO දෙව් මැදුරේදී චාරිත්‍රානුකූල කටයුතු පළමුව සිදුකිරීමට නියමිතයි. අනතුරුව පෝරුව චාරිත්‍රානුකූල මංගල කටයුතු සහ ප්‍රියසම්භාෂණය පැවැත්වෙන්නේ CASTELLO DELLE ROCCHETTE BAGNOREGIO මන්දිරයේදීයි.

ඉතිං ඒ ගැන මුලින්ම දුෂ්‍යන්ත් අපට පැවැසුවේ මේ ආකාරයෙන්..

අපි දෙන්නා පෙම්වුන් බවට පත්වුණේ 2013දීයි. 2011 ස්ටෙෆනි ශ්‍රී ලංකාවට ඇවිත් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තා. ඉන්පසුව එයා ටෙලිවිෂන් චරිතයක් ලෙස තමයි එයා මට හමුවුණේ. 2008දී සිරස ඩාන්සින් කිරුළ හරහා මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. මිනිස්සු මට වඩාත් සමීප වුණේ ඒ ජනප්‍රියත්වය සහ මගේ ගායන ශෛලිය නිසයි.නමුත් ස්ටෙෆනි මට ලංවුණේ ඒ කිසිදෙයක් නිසා නෙවෙයි. මම නටනවද ? ගායකයෙක්ද ? ඒ කිසිවක් ගැන එයා දැනගෙන හිටියේ නැහැ.

ඒ නිසා තමයි සැබෑ ආදරය කියන දේ ඇති වුණේ. මම ස්ටෙෆනිට වඩාත් ලංවුණේ එයාගේ බාහිර ලස්සන පෙනුමට නෙවෙයි. ඇයගේ හිත ඇත්තටම පිරිසිදුයි. හරිම කාරුණිකයි. එයාට වඩා එයා අනෙක් අය ගැන හිතනවා. අපි ආගම් දෙකක වුනත්, එයාට භේද නැහැ. මටත් එහෙමයි.

ගෙවී ගිය කාලයේදී අපි දෙන්නගේ ආදරය සුන්දර ලෙසම ගලා ගියේ නැහැ. අපි රණ්ඩු කරගත් අවස්ථා එහෙමත් තිබුණා. ඒ සියල්ල හමුවේ කොහොමද දෙන්නෙක් ජීවිතය පවත්වාගෙන යන්නේ ? කොහොමද විවාහ ජීවිතය පවත්වාගෙන යන්නෙ කියන දේ අපි වටහා ගත්තෙ.

අපිදෙන්නම මිනිස්සු දන්නා හදුනන චරිත වීම නිසා අපට අපේ යාළුවෝ එක්කවත් එහෙ මෙහෙ ගිහින් කතා කිරීමේ නිදහස තිබුණේ නැහැ. සමහරදාට අපි රාත්‍රී කෑමකට එහෙම ගිහින්, මට ස්ටෙෆනිව එයාගෙ ගෙදරට ඇරලවන්න ගිහින්, පැය තුන හතර කාර් එකේ තමයි කතා කර කර හිටියෙ.

බැරිම තැන එයාගෙ ගෙදරින් කිව්වෙ, දැන් ඉතින් ඔය කාර් එකේ කතා කරන එකේ තේරුමක් නැහැ ගෙදරට ඇවිත් කතා කරන්න කියලයි. අනෙක එදා මට තිබුණෙත්, සුපිරි වාහනයක් නෙවෙයි. වාහන කබලක් කිව්වොත් හරි. ඉතින් ඒකයි මම කියන්නෙ ස්ටෙෆනි ආදරය කළේ මට කියලා.

සැබෑ ලෙසම එයා ආදරේ කළේ මටයි. මගේ තියෙන්නෙ සිංහලකම සහ බෞද්ධකම, එයාගෙ ආධ්‍යාත්මය වුණේ එයාගේ ආගම. ආත්තම්මාගෙන් ඉගෙන ගෙන එයා පල්ලියට බොහෝම සමීපයි. රණ්ඩුවක් වුණාම ඔන්න ඉතින්මම එයාව පන්සලට නෙවෙයි පල්ලියට එක්කගෙන ගියේ. ඒක තමයි තේරුම් ගැනීම කියන්නේ.

ස්ටෙෆනි ඇයි විවාහ උත්සවය සදහා ඉතාලිය තෝරා ගත්තෙ ?
අපේ ඥාති පාර්ශවයේ පිරිස ජීවත්ව සිටින රටවල් දිහා බලලා තමයි අපි ඒ තීරණය ගත්තෙ. අපට බොහොමයක් යාළුවොත් ඉන්නවා. මේ ඔක්කෝටම මැද තැනක් තමයි ඉතාලිය. ඉතින් එතැන තෝරා ගත්තා. ඒ වගේම මගේ ආත්තම්මා සහ අම්මාගෙ විවාහ සිදුවුනෙත් මේ විදියටයි.

ඒ නිසා දෙන්නම තීරණය කළා, මේ විදියට උත්සවය ඉතාලියේදී පවත්වන්නට. ඒක ඇත්තටම එක අතකට සිහින සැබෑවීමක්. අපි දෙදෙනා ගත්තොත් දෙන්නාට දෙන්නා බොහෝම ආදරෙයි.

අපට අවශ්‍යව වුණේ ලෝකයට පෙනෙන්න උත්සවයක් ගන්නවාට වඩා අමතක නොවන විවාහ දිනක අසිරිය සැමදාම ජීවිතයේ රදවා ගන්නයි. ඉතින් ඒ දවස උදාවුණා. අපි විවාහයෙන් පසුව ලංකාවට ඇවිත් ඉතුරු විස්තර කියන්නම්.

දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනිගේ මේ විවාහ මංගල උත්සවයට සහභාගි වීම සදහා තරු රුසක් දැනටමත් ඉතාලියට ගොස් සිටී. ඒ වෙනස් දේශයක සිට, වෙනස් විදියට පවත්වන මංගල උත්සවයක ආස්වාදය විද ගැනීම වෙනුවෙනි.

දුෂ්‍යන්ත් ස්ටෙෆනි යුවළට සුබ මංගලම්.

  • 6.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button