පළකල දිනය : Wed, May 23rd, 2018

චාල්ස්ගේ උපන් දිනය දා මේගන් පෙන්වූ ආදරය (Photos)

මෙගන් – හැරී නව යුවළ මුල්වරට සහභාගී වූ උත්සවය ලෙසින් බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරුගේ 70 වන උපන් දිනය ඊයේ (22) පැවැත්වුණා.

එම අවස්ථාවේදී හැරීටද කතාවක් පැවැත්වීමේ අවස්ථාව හිමි වූ අතර ඔහුගේ කතාව යම් අවස්ථාවල සංවේදී එකක් බවටද පත්වුණා.

එම කතාව පවත්වන අතර මුහුණේ මීමැස්සෙකු වැසීම නිසා ඔහුට බාධා ඇති වූ අතර ඔහුට එම අවස්ථාවේ ලියාගෙන ආ කතාවද පැටලී ගොස් තිබුණා. ඒ බව සභාවට කියා සිටින්නටද ඔහු කටයුතු කළ අතර එය අසා සිටි මෙගන්ට සභාව ඉදිරියේ සිනාසෙන අයුරු කාගෙත් අවධානයට යොමු වුණා.

එමෙන්ම උත්සවය අවසන් වී හැරීගේ පිටට අතක් තබාගෙන මෙගන් එම ස්ථානයෙන් පිටත්ව ගියේ ඔහු වෙන කාගෙවත් නොව තමන්ගේම පමණක් බව ලෝකයට ඒත්තු ගන්වමින් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button