පළකල දිනය : Thu, May 24th, 2018

ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ (වීඩියෝ)

සුප්‍රකට බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ බව නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරි වෙඩ් භූෂාන් පවසනවා.

නාන බේසමකට යමකු දමා එය හදිසි අනතුරකින් සිදු වූවක්‌ යෑයි ප්‍රකාශ කිරීම පහසුයි යෑයි ඔහු කියා සිටියේ.

ඩුබායි බලධාරීන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව කෙරේ සෑහීමට පත්විය නොහැකියි ඩුබාහි ජුමෙයිරා හෝටලයට ගිය නමුත් ශ්‍රී දේවිය නතර වී සිටි කාමරයට යැමට ඉඩ දුන්නේ නැහැ යෑයි වෙඩ් භූෂාන් පළ කළේ.

ශ්‍රී දේවියගේ මරණය ගැන තොරතුරු වසන් වී ඇති බවත් ඉන්දියාවද ඒ ගැන පරීක්‍ෂණ කර නැතැයි හෙතෙම හෙළි කළේ.

ශ්‍රී දේවි නාන තටාකයේ ගිලී මියගිය බවට කර ඇති ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි බවද වෙඩ් භූෂාන් පළ කළේ.

ශ්‍රී දේවිය වැනි උසින් යුත් කාන්තාවක්‌ නාන බේසමේ ගිලී මිය ගිය බව කිසිම පොලිස්‌ විමර්ශකයෙක්‌ පිළිගන්නේ නැති බවද ඔහු කියා සිටියා.

  • 2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button