පළකල දිනය : Fri, May 25th, 2018

ලෝක පා පන්දු ක්‍රීඩකයා තරුණියන් දෙදෙනෙක් එකවර විවහා කරගනී (Photos)

පාපන්දුවෙන් ලෝකයම වසගයට ගත් 38 හැවිරිදි Ronaldinho දැන් පාපන්දු ක්‍රීඩාවෙන් සමුගෙන ඉන්නේ. තනිකඩ ජිවිතයක් ගත කළ Ronaldinho පසුගිය දෙසැම්බර් මස විවාහ වුණා.

ඒ විවාහයේදී ඔහු ආදරය කළ පෙම්වතියන් දෙදෙනාගේම මනාලයා වෙමින්. ඒ කියන්නේ ඔහු දැන් එකවර කාන්තාවන් දෙදෙනෙක් විවාහ කරගත් පුද්ගලයෙක්. ඔහු ඒ විවාහ වසන් කරගෙන හිටියත් දැන් ඒ ගැන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ කාන්තාවන් දෙදෙනා සමග එකම නිවසක වෙසෙන බවයි කියන්නේ. මේ බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයාට අදටත් බොහෝ තරුණියන් ආකර්ෂණය වෙනවා. ඒ ඔහුගේ ජනප්‍රියත්වයට වගේම ක්‍රීඩා රටාවට.

ජාත්‍යන්තර සම්මාන රැසකට හිමිකම් කියන ඔහු විවාහ වෙලා ඉන්නේ Priscilla Coelho හා Beatriz Souza යන යුවතියන් දෙදෙනාව.

මේ දෙදෙනා එක්ක සාමයෙන් සතුටින් ගත කරනවා කියලයි ඔහු කියන්නේ. මේ වනවිට මොහු කාන්තාවන් දෙදෙනෙක් සමග එකවර විවාහ වුණා කියන පුවත ලෝකය පුරාම පැතිරිලා.

ඔහු ඒ සම්බන්ධයෙන් මුණිවත රැක්කත් ඔහු කියන්නේ “මම ඕන තරම් ගැහැණු ළමයින්ට විවාහ ගිවිස ගැනීමට කැමැත්ත පල කරලා මුදු හුවමාරු කරගෙන තියෙනවා..” කියලයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button