පළකල දිනය : Sat, May 26th, 2018

එජාපයට එන්න වගේම ඇවිත් හැරිලා ගියේ ලොකු පුතා ධනංජයගේ පියාගේ දේශපාලනය ගැන කවුරුත් නොදන්න කතාවක්

ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට පෙරේදා (24දා) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක්‌ විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

කාලයක්‌ තිස්‌සේ පැවැති ආරවුලක්‌ මෙම ඝාතනයට හේතු වී ඇති බවද පොලිස්‌ විමර්ශන වලින් හෙළි වී තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊයේ වනවිට පුද්ගලයන් 21 දෙනකුගෙන් ප්‍රශ්න කර ඇතත් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි. මෙම ඝාතනය සඳහා පාතාල කල්ලිය විසින් ටී56 ගිනි අවියක්‌ සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ යොදාගෙන තිබූ අතර රන්ජන් ද සිල්වාගේ සිරුරට වෙඩි ප්‍රහාර 4 ක්‌ එල්ල වී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

රන්ජන් ද සිල්වා මහතා සිය හිතවතුන් දෙදෙනකු සමග රත්මලානේ ඥනේන්ද්‍ර මාවතේ පිහිටි නිවස ඉදිරිපිට සිටියදී පෙරේදා රාත්‍රී පාතාල කල්ලියක්‌ විසින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි.ප්‍රහාරයෙන් නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා මියගිය අතර දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ සේවකයෙක්‌ සහ ධීවරයෙක්‌ තුවාල ලැබූහ. ඔවුන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති ඝාතකයන් මෝටර් රථයකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.

ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලියට සහභාගි වීම සඳහා ඊයේ රාත්‍රී දිවයිනෙන් බැහැර වීමට නියමිතව සිටියේය. එහෙත් පියාගේ ඝාතනයෙන් පසු ඔහු සංචාරය අතහැර දමා ඇත. කලක්‌ යුද හමුදාවේ සේවය කළ රන්ජන් ද සිල්වා මහතා ඉන් ඉවත්වී දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ සේවයට පැමිණ ඇත. මීට වසර කීපයකට උඩදී විශ්‍රාම ගිය රන්ජන් ද සිල්වා මහතා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් දෙහිවල ගල්කිස්‌ස නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වී ඉන් ජයග්‍රහණය කළේය.  මීට පෙර රන්ජන් ද සිල්වා මහතාගේ එක්‌ පුත්‍රයකු දෙහිවල නගර සභාවට තරග කර ඉන් ජයග්‍රහණය කර නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබිණි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පුත්‍රයා වෙනුවට රන්ජන් ද සිල්වා මහතා තරග කළ අතර ඔහු ඉන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ගත්තේය.

ගොනාකෝවිලේ රෝහණ නමැනි පාතාල නායකයා සහ ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයා අතර කාලයක පටන් ගැටුම් හටගෙන තිබූ අතර ඒ ගැටුම්වල ප්‍රතිඵලයක්‌ ලෙස මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇත්දැයි පොලිසිය සැක පහළ කරයි. ගොනාකෝවිලේ රෝහණ සහ රන්ජන් ද සිල්වා අතර හිතවක්‌කමක්‌ තිබූ බවත් රෝහණ ඇතුළු කල්ලියට රැකවරණය ලබා දීමට රන්ජන් මහතා කටයුතු කර තිබූ බවත් පොලිසිය වෙත තොරතුරු ලැබී තිබිණි. මීට ඉහත අවස්‌ථා කිහිපයකදීම රත්මලානේ දී පාර්ශ්ව කිහිපයක්‌ සමග රන්ජන් ද සිල්වා අතර ගැටුම් හටගෙන තිබූ අතර මෙම ඝාතනය පිටුපස ඒ කණ්‌ඩායම් සිටින්නේදැයි යන්න පිළිබඳවද පොලිසිය සොයා බලාගෙන යයි. ඝාතකයන් සෙවීමට ගල්කිස්‌ස පොලිසියේ කණ්‌ඩායමක්‌ යොදවා ඇති අතර මිරිහාන විශේෂ විමර්ශන ඒකකය ද මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

තිදරු පියෙකු වන රංජන් සිල්වාගේ බාල පුතු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මවුබිමට අභිමානයක් ගෙන එද්දි ඔහුගේ වැඩිමහල් පුතු සාවිත්‍ර රමාල් ද සිල්වාද මින් පෙර කතාබහට ලක්වූ චරිතයක් ශ්‍රී ලංකාවේ ලබාලතම නාගරික මන්ත්‍රීවරයා ලෙස දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කළ සාවිත්‍ර ද සිල්වා 2015  ජනාධිපතිවරණයේදි සිදු කළ ක්‍රියාවක් කතාබහට ලක්වූවා 2015 ජනාධිපතිවරණය සමයේ එවකට එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට පොදු විපක්ෂයට පැමිණීමට සාවිත්‍ර ද සිල්වා එජාපයේ මාධ්‍ය හමුවකට සහභාගී වූවා.

මේ සදහා එවකට කොළඹ දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ ඇතුලු පිරිසක්ද සහභාගීව සිටියා කෙසේ වෙතත් එජාප මාධ්‍ය හමුවේදි තමන් පක්ෂය මාරු නොකරන බවටත් ජනාධිපතිවරයා පාවා දීමටත් නොහැකි බව කියමින් සාවිත්‍ර ද සිල්වා මාධ්‍ය හමුවෙන් නැගිට ඒම අතිශය කතාබහට ලක්වූවා. ඉන්පසුව පැවති පළාත් පාලන මැතිවරණයෙන් සාවිත්‍ර සහ ධනංජයගේ පියා වන මියගිය කේ. රංජන් සිල්වා දෙහිවල ගල්කිස්ස නගර සභාවට සභිකයෙකු ලෙස තේරී පත් වුනා.

2015 ජනපතිවරණය සමයේ සාවිත්‍ර ද සිල්වා සහභාගී වූ මාධ්‍ය හමුව පහතින්

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button