පළකල දිනය : Sun, May 27th, 2018

වෙඩි වැදී මිය ගිය ධනංජය සිල්වාගේ පියාගේ දේහය සියල්ලම හඬවා නිවසට රැගෙන එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා පසුගිය 24 වැනිදා වෙඩි තැබීමකින් ඝාතනයට ලක් කෙරුණා.

තමන්ගේ පියා නැතිවුණ දුක ගැන ධනංජය පළමුවරට මාධ්‍යයට අද කිව්වේ මේ විදිහටයි…..

එයා තමයි ඉතිං මුල ඉදන්ම මාත් එක්ක හිටියේ. මගේ පස්සෙන්ම හිටියේ මොකද අපිට මේ පැත්තෙන් යනවා නම්, එයා ඉගෙනීමට වුනත් Push කරන්න ගියේ නැහැ. මොකද මේ පැත්තෙන් යන්න පුළුවන් කියලා එයාටත් තේරුණ හින්දා එයා ඒ පැත්ත ගැන තමයි හුගක් හිතුවේ.

හැමදේටම එයා තමයි මට හිටියේ. මාත් එක්ක වචනයක් හරි සන්තෝෂයෙන් කතා කරන්න… මගේ මැච් එකක් බලන්න එන්න…

ගොඩාක් දුකයි එයා නැතිවෙච්ච එක ගැන. දැන් එයා නැහැ. ඒ වුනාට ඉතිං එයා බලාපොරොත්තු වුනදේ මම ඉදිරියටත් කරගෙන යනවා.

වෙච්ච දේ වුනා මගේ තාත්තාට ඉතිං තවත් මේ වගේ දේවල් නොවෙන්න කටයුතු කරනවා නම් ගොඩාක් හොදයි මොකද මේ වගේ පවුලක් බලාගත්තු කෙනෙක් නැති වුණා. මට තාත්තා කෙනෙක් නැති වුණා. ඉල්ලන්නේ ඉදිරියට මේ වගේ දේවල් නොවෙන්න කියලා තමයි.

මේ අතර වෙඩි වැදීමකින් මිය ගිය රන්ජන් ද සිල්වා මහතා අවසන් කටයුත 28 දා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම්  දී තිබෙනවා.

28 දා සවස 1.00ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ වන අතර දේහය අංක 100/06 මුහුදු වෙරළ පාර, රත්මලාන ලිපිනයේ තැන්පත් කර තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button