කට හැපිලා ඇතිවු තුවාලවල වේදනාව ඉක්මණින් සමනය කරගන්න හැටි දැනගන්න
ගොඩක් දෙනෙකුට දරාගන්න අපහසුම වේදනාවක් තමයි කන වේලාවට හැපිලා හරි, දත් මදින වේලාවට බ්රෂ් එක වැදිලා හරි කට තුවාල වෙන එක.
එහෙම තුවාල ඇති වුනාම ආයේ කන්න බොන්නත් අමාරුයි.
ඒ වගේ වෙලාවකට කරන්න පුළුවන් සරල ප්රතිකර්ම කිහිපයක් තමයි මේ ලිපියෙන් කියවෙන්නේ.
01. අයිස් කැට තියන්න
තුවාල වුන තැන අයිස් කැටයක් තියලා ටිකක් වෙලා ඉන්න.
එතකොට ඒ තුවාලය ළඟ තියෙන සංවේදීභාවය අඩුවෙලා ඔයාගේ වේදනාව ඉක්මණින් අඩු වෙලා යයි.
02. ලුණූ වතුරෙන් කට සෝදන්න
ලුනු තේ හැන්දක් විතර ටිකක් රස්නේ වතුර කෝප්ප බාගයකට විතර කලවම් කරලා කට හෝදන්න ඕනේ.
හැබැයි කට හෝදපු ගමන් නම් දනවා. නමුත් ඉක්මනින් හොදවෙනවා.
ඔබගේ අදහස් උදහස් එක්කරන්න