පළකල දිනය : Thu, May 31st, 2018

වෙළඳසැළකට කඩාවැදුනු පිරිසක් කල අමානුෂික ක්‍රියාව CCTV කැමරාවේ සටහන් වෙයි (වීඩියෝ)

දෙණියාය විහාරහේන ප්‍රදේශයේ වෙළඳසැළකට කඩාවැදුනු පිරිසක් විසින් එම වෙළඳ සැලේ සිටි අයෙකුට පහර දෙන ආකාරය වෙළඳ සැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙනවා.

2018- 05 -27 දින දහවල් අදාළ ව්‍යාපාරික ස්ථානයට විහාරහේන හා ඒ අවට ප්‍රදේශවලින් පැමිණි සංවිධානාත්මක කල්ලියක් විසින් මෙම පහරදීම සිදු කර ඇති බවයි සිද්ධියට මුහුණ දුන් තැනැත්තා ප්‍රකාශ කලේ.

පහර කෑමට ලක්වුනු වෙළඳසැල් හිමියා රිය අනතුරකින් ආබාධව පසුගිය කාලයේ සැත්කම් කිහිපයක් සිදුකර තිබෙන අතර තවමත් ඔහුගේ ආබාධය සම්පූර්ණයෙන්ම සුව වී නැහැ.

එවන් අවස්ථාවකදී කිසිඳු හේතුවකින් තොරව මෙලෙස පහර දීම නිසා තමන්ට පෙර තිබූ තත්වයේ සිටම නැවතත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇති බවයි සිද්ධියට මුහුණ දුන් තැනැත්තා කියා සිටියේ.

එසේම අදාල අවස්ථාවේදී ඔහුව බේරා ගැනීමට පැමිණි ඔහුගේ සහෝදරයාට, මිතුරෙකුට සහ එම මිතුරාගේ පියාටද ඔවුන් අමානුෂික ලෙස පහර දෙන ආකාරය අදාල වීඩියෝ පටයේ සඳහන් වී තිබෙනවා.

පහරකෑමෙන් අනතුරුව අදාල පුද්ගලයා රෝහල් ගතව ප්‍රථිකාර ගෙන අධිකරණයට ඉදිරිපත් වූ අතර පහරදුන් පිරිසෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත නිදහස් වී ඇති අතර තවත් පිරිසක් පොලිසියේ රැහැනින් මිදී සැඟව සිටීන බවයි අදාල පුද්ගලයා ප්‍රකාශ කල‍ේ.

අදාල සිදුවීමේ CCTV වීඩියෝව පහතින්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button