පළකල දිනය : Thu, May 31st, 2018

ඔබත් මයික්‍රෝවේව් අවන් පාවිච්චි කරනවද? එහෙනම් දැන්ම දැනුවත් වෙන්න

මයික්‍රෝවේව් අවන්, එහෙමත් නැතිනම් ක්ෂුද්‍ර තරංග උදුන් කියන්නේ අපේ රටත් ඇතුළුව ලෝකය පුරාම පාවිච්චි වෙන මුළුතැන් ගෙයි උපකරණයක්.

මේවාගේ තියන නරක ප්‍රතිඵල ගැන සැක කරන අය ඕන තරම් ඉන්නවා. කොහොම වුණත් පහසුව, ඉක්මන සහ සරල බව නිසා කවුරු කවුරුත් කෑම පිසින්න වගේම කන්න කලින් කෑම රත් කර ගන්න එහෙමත් මයික්‍රෝවේව් අවන් පාවිච්චි කරනවා.

සොයා ගැනීමක් විදිහට ගත්තාම මේක ඇත්තටම බොහොම වැදගත් නිර්මාණයක්.

ඕනෑම ආහාරයක් ඉතා කෙටි කාලයකින් ඒකාකාරී විදිහට රත් කරලා දෙන්න මයික්‍රෝවේව් උදුනකට පුළුවන්. ඉතින් ඇමරිකාවේ කරපු සමීක්ෂණයකින් ඒ රටේ නිවෙස් වලින් 90%ටත් වඩා මයික්‍රෝවේව් අවන් එකක් තියෙනවා කියලා හොයා ගත්තු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

මොන තරම් පහසු වුණත් මේකේ ආරක්ෂාව ගැන නම් බොහොම බරපතල විදිහට හිතන්න වෙලා වගේ.

බොහෝ විශේෂඥයන්ගේ මතය වෙන්නේ ආහාර මයික්‍රෝවේව් කිරීම සුදුසු නැහැ කියන එකයි. ඒ වෙනුවට වඩා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තිබෙනවා. මයික්‍රෝවේව් කිරීමේදී වගේ පෝෂණ කොටස් විනාශ වෙන්නේ නැතිව ආහාර පිස ගන්න නම් අමාරුවෙන් වුණත් මේ අනෙක් ක්‍රම වලට හුරු වෙන්න කියලා තමයි ඔවුන් උපදෙස් දෙන්නේ.

ඉතින් ඇයි මයික්‍රෝවේව් කරන එක හොඳ නැහැ කියන්නේ? මේක ගැන කතා කරන්න අපි මයික්‍රෝවේව් උදුනක් ක්‍රියා කරන හැටි ගැන අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. මයික්‍රෝවේව් අවන් එකක් කියන්නේ ඇත්තටම සුවිශේෂී සංඛ්‍යාතයක් තියෙන රේඩියෝ තරංග නිකුත් කරන උපකරණයක්. මේ සඳහා යොදා ගන්න විකිරණය අයනීකාරක වෙන්නේ නැහැ, ඒ කිව්වේ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න තරම් ශක්තියක් මයික්‍රෝවේව් තරංග වල නැහැ.

මෙතනදී ආහාර රත් වෙන්න හේතුව අනුනාදය කියන සංසිද්ධියයි. ජල අණු වල තියන ස්වභාවික සංඛ්‍යාතය තමයි මේ මයික්‍රෝවේව් තරංග වලට තියෙන්නේ. ඉතින් ඒවා ගැටුණු ගමන් ජල අණු සහ මේද අණු කම්පනය වෙන්න පටන් ගන්නවා. මේ අණු එක මත එක ඇතිල්ලීම නිසා තමයි තාපය හට අරගෙන කෑම රත් වෙන්නේ.

නමුත් අයනීකරණය කියන දේ සිදු කරන්න පුළුවන් විකිරණ පවා අපි අවට තියනවා. X-Ray ස්කෑන් යන්ත්‍ර, ඞ-ඍ්හ යන්ත්‍ර වලින් නිකුත් වන ගැමාකිරණ සහ X-Ray මේ විදිහට පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරවන්න පුළුවන් විකිරණ වලට හොඳ උදාහරණ. මේවා පමණට වඩා ඇඟට වැටුණොත් පිළිකා පවා ඇති වෙන්න පුළුවන්. වාසනාවකට මයික්‍රෝවේව් තරංග වලින් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ දෘශ්‍ය ආලෝකයටත් වඩා මයික්‍රෝවේව් හරිම දුර්වලයි.

කොහොම වුණත් අයනීකරණය වගේම හානිදායක වැඩක් මයික්‍රෝවේව් කිරීමෙන් සිදු වෙන්න ඉඩ තියනවා. ඒක තමයි ජල අංශු කම්පනය වීම නිසා ව්‍යුහයේ සිදු වන වෙනස් කම්. පරමාණු වල වෙනස් කම් සිදු නොවුණත් සංයෝග වල වෙනස් කම් සිදු වෙන්න පුළුවන්. මයික්‍රෝවේව් කරපු කෑමක රසය වෙනස් වෙන්නේ මේ වගේ හේතු නිසා. විශේෂයෙන්ම ප්‍රෝටීන බහුල මස් මාළු වගේ ආහාර වල මේ විදිහට රස වෙනස් වෙන එක ඉක්මනින් සිදු වෙනවා.

ඉතින් මයික්‍රෝවේව් කල ආහාර නිතර ගැනීම නිසා වැළඳෙන්න ඉඩ තියන රෝග 5ක් ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. මේ ලෙඩරෝග තියෙන නිසා බෙහෙත් ගන්න ආපු අයගේ විස්තර අහලා බැලුවාම නිතර මයික්‍රෝවේව් කළ ආහාර ගත් බව වැඩි දෙනෙක් කියලා තියනවා. ඒ නිසා මේ ගැන අවධානය යොමු කළොත් හොඳයි.

1. නින්ද නොයාම
මයික්‍රෝවේව් කළ ආහාර නිතර ගත්තාම වෙනස් වූ ව්‍යුහ සහිත සංයෝග වැඩිපුර ශරීරගත වෙන නිසා මොළයේ සෛල වලට හානි සිදු වෙන්න ඉඩ තියෙනවා. මේ ප්‍රශ්නයේ මුල්ම රෝග ලක්ෂණය තමයි මොනවා කළත් නින්ද යන්නේ නැති එක.

2. නිතර පවතින වෙහෙස
කල් පවතින වෙහෙස හෙවත් කොයි තරම් විවේක ගත්තත් වෙහෙසක් ඇඟ තුල තිබීම සහ මයික්‍රෝවේව් කරපු ආහාර නිතර ගැනීම අතර පැහැදිලි සම්බන්ධයක් තියෙන බව පෙනෙන්න තියනවා. ඒ වගේම මේකට ව්‍යුහය වෙනස් වූ මේද කොටස් ශරීරයට උරා ගැනීම නිසා ඇති වෙන ස්ථුල භාවයත් බල පානවා.

3. පෝෂක ඌණතා
මයික්‍රෝවේව් කිරීම නිසා සංයෝග වල ව්‍යුහ වෙනස් වෙන බව කලිනුත් කිව්වා නේ. විශේෂයෙන්ම විටමින් සහ ඛනිජ වැනි වැදගත් පෝෂක මේ නිසා වැඩකට නැති සංයෝග බවට පත් වෙනවා. මේ නිසා නිතරම කෑම මයික්‍රෝවේව් කරලා ගන්නවා නම් ඔබේ ඇඟට පෝෂක අඩු වෙලා විවිධ පෝෂණ ඌණතා සහ ලෙඩ රෝග ඇති වෙන්න ඉඩ තියෙනවා.

4. පිළිකා
මයික්‍රෝවේව් සහ පිළිකා ඇති වීම අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේකට හේතුව ආහාර වලින් උරා ගන්නා විකිරණ යම් තරමකට එහි රැඳිලා තියෙන එකයි. ඉතින් කාලයක් තිස්සේ මේ විදිහට ශරීරයට විකිරණ අධික ආහාර ලැබුණාම පිළිකා සෛල වර්ධනය වෙන්න ඉඩක් තියෙනවා.

5. ප්‍රතිඔක්සිකාරක හිඟ වීම
පෝෂක විනාශ වීමේ අනිත් ප්‍රශ්නය තමයි ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රතිඔක්සිකාරක අඩු වෙන එක. ශරීරය තුල හැදෙන මුක්ත ඛණ්ඩක වැනි දේවල් වලින් සෛල හානියට ලක් වෙන එක වලක්වන්න ප්‍රතිඔක්සිකාරක ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. නමුත් ඔබ නිතර ගන්න ආහාර මයික්‍රෝවේව් කරනවා නම් මේ විදිහට ශරීරයට ලැබෙන ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය අඩු වෙන්න ඉඩ තියෙනවා.

ඉතින් මේ ලිපියේ අදහස ගෙදර තියන මයික්‍රෝවේව් අවන් එක විසි කරන්න කියන එක නෙවෙයි. හදිස්සිම වේලාවකදී කෑමක් රත් කර ගන්න ඒක පාවිච්චි කරාට වරදක් නැහැ. ඒත් නිතර පාවිච්චි කරන්න ගියාම අනවශ්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්. (‘නිතර’ කියන වචනය හරිම වැදගත්) ඒ නිසා බැරිම වෙලාවක පාවිච්චියට ගන්න විතරක් මයික්‍රෝවේව් අවන් එක තියා ගන්න. පුළුවන් හැම වෙලාවකම සාමාන්‍ය විදිහට රත් කරපු කෑම කන්න පුරුදු වෙන්න

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button