පළකල දිනය : Sat, Jun 2nd, 2018

බෝධීන් වහන්සේ කැපූ පිරිසට ගම්මු එකතුවෙලා උගන්නපු පාඩම (වීඩියෝ)

හාලිඇල – නෙලුව ග්‍රාමීය බැංකු පරිශ්‍රය තුළ පිහිටි බෝධිය කපා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමඟ කලබලයට පත් ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ එම කාර්ය කිරීමට ඉඩ නොදුන් බව වාර්තා වෙයි.

පෙරේදා (31) සවස 2.45 පමණ මෙම බෝධිය කපා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත් අතර කලබලයට පත් ප්‍රදේශවාසීන් එම ස්ථනය වැටලීමත් සමඟ එහි සේවකයින් හට ඉවත්වීමට නොහැකිවු අතර ඇටම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හා පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සේවකයින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඇටම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හා නෙලුව විහාරස්ථානයේ නායක ස්වාමීන්වහාන්සේ වැඩමකර කරුණු පැහැදිලි කරදීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් ඉන් ඉවත්ව ගොස් ඇති අතර පසුව එම ස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් තැම්පත් කිරීමටද ගම්මුන් කටයතු කර ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button