පළකල දිනය : Thu, Jun 7th, 2018

චන්දිමාල්ගේ දෙවනි අම්මා රෝසි, උපන් දිනයට දීපු අදහාගත නොහැකි තෑග්ග (Photos)

පසුගිය දිනෙක පැවැත්වුණු රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පිළිබඳ බොහෝ දෙනා කතා කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වුණු මේ උපන්දින සාදයට කෝටි ගණනක වියදමක් ගියා කියලා තමයි ඇතැමුන් කීවේ.

මේ සාදයට ආපු කලා ලොවේ බොහෝ දෙනා ඇඳගෙන ආපු ඇඳුම් වලටත් කාගෙත් අවධානය යොමුවුණා.

කොහොම වුණත් නෙත් ගොසිප් සමග එකතු වුණු චන්දිමාල් නම් කීවේ කොච්චර වියදමක් ගියත් එය කවුරුත් ප්‍රශ්ණයක් කරගන්න ඕන නෑ කියලයි.

කොහොම වුණත් චන්දිමාල් තමන්ගේ මවට පස්සේ දෙවන අම්මා ලෙස සළකන රෝසි සේනානායකට මේ සාදයට එන්න බැරිවුණා.

රෝසි සේනානයක චන්දිමාල්ට බොහෝ උදව් උපකාර කරලා තියනවා කියලා තමයි අපි එක්ක කිව්වේ. රෝසිට මේ සාදයට එන්න බැරිවෙලා තිබුණේ ඇය විදෙස් ගත වෙලා හිටපු නිසා.

ඒ වුණත් චන්දිමාල්ගේ උපන්දිනය වෙනුවෙන් රෝසි චන්දිමාල්ට අපූරු තෑග්ගක් නම් ලබා දීලා තියෙනවා.

ඒ තමයි 2018 වසර සඳහා ‘මිසිස් වර්ල්ඩ්‘ හි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂක තනතුර. ඒ අනුව 2018 මිසිස් වර්ල්ඩ් කිරුළ සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන රූ රැජිණියන් තෝරා පත් කරගැනීමේ අයිතිය තියෙන්නේ චන්දිමාල්ටයි.

ඉතින් මේ තනතුර චන්දිමාල්ට ලබාදීමට රෝසි සේනානායක මහත්මිය විශාල මහන්සියක් දරා තිබෙන බව තමයි අපට ආරංචි වුණේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button