පළකල දිනය : Fri, Jun 8th, 2018

ඇලෝසියස්ගෙන් ප‍්‍රචාරක කණ්ඩායම් සල්ලි ගනිද්දී මං ඡන්දෙ ඉල්ලූවා. එච්චරයි !

පසුගිය මහ මැතිවරණයේ දී තම ප්‍රචාරක කටයුතු සඳහා මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලබා දී ඇති බව ප‍්‍රතික්‍ෂෙප නොකරන බව රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

කෙසේ නමුත් එම මුදල් මෙන්ඩිස් සමාගමට අයිති බව දැන සිටියේ නම් කිසිසේත්ම ඒවා බාර ගැනීමට තම ප‍්‍රචාරක කණ්ඩායම්වලට ඉඩ නොදෙන බවද රාජ්‍ය ඇමතිවරයා කියා සිටී.

මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස්ට අයත් එකක් යැයි තම ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි කණ්ඩායම් කිසිවෙකු දැන සිටියේ නැතැයි ද එම ප්‍රචාරණ කටයුතු වලට ලද මුදල් සම්බන්ධයෙන් සැක සිතීමට තරම් හේතුවක් එම කාලයේ ලැබූ බව ද ඇමතිවරයා සඳහන් කරයි.

‘මේ බව අසා මමත් පුදුමයට පත්වුණා. හොයා බලනකොට මගේ එම්.එස්.ඩී. කෙනෙක් තමයි මාරු කරලා තියෙන්නේ.

මම සල්ලි ගත්තා හෝ මම චෙක් මාරු කලා කියලා කවුරුවත් කියලා නෑ. මට කිසිම අවස්ථාවක චෙක්පත් ලැබුනේ නෑ.

නමුත් කැම්පෙන් එකට මේ මුදල් ලැබුනු වගකීමෙන් මිදෙන්න බෑ’’ යයිද සේනසිංහ මහතා කියා සිටී.

අර්ජුන් ඇලෝසියස් මුදල් දුන්නේ තම මැතිවරණ ව්‍යාපාරයට යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව හෙලිව ඇත.

2015 වසරේ මහ මැතිවරණය සදහා නාම යෝජනා බාරගත් අවසන් දිනය 2015.07.13 වන අතර මහ මැතිවරණය පැවැත්වූයේ 2015.08.17 දිනයි.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත්තේ අදාල චෙක්පත් තුන ලබා දී ඇත්තේ, 2015.08.24, 2015.10.12, 2016.03.31 යන දිනවලදී බව බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

ඒ අනුව චෙක්පත් තුනම ලබා දී ඇත්තේ මැතිවරණය අවසන් වූ පසු නිසා මැතිවරණ කටයුතු සදහා සිය ප‍්‍රචාරක කටයුතු මෙහෙයුවූවන් විසින් මුදල් ගත්තේ යයි කියන ප‍්‍රකාශය අසත්‍ය වෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button