පළකල දිනය : Sat, Jun 9th, 2018

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් අවසන් ගමන් ගිය හැටි !

ජන මාධ්‍යකරණ නැවුම් මඟකට ගෙන ගිය රටම ආදරය කළ සහෘදයා මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා ගේ මරණයේ අවසන් කටයුතු ඊයේ (08) උදෑසන බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරුණා.

මේ අවස්ථාව සඳහා කලාකරුවන් රැසක් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේද කිහිපදෙනක් එක්ව සිටියා.

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා පසුගිය (04) වනදා අභාවප්‍රාප්ත වුණා. ඒ මාලඹේ මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ කාමරයකදී.

නිවැසියන් විසින් එදින (04) රාත්‍රියේ සිටම දොරවල් වීවෘත නොකළ නිසා ඊට පසුදින (05) දහවල් 12.00ට පමණ නිවස පරික්ෂා කිරීමේදී හේම නලින් කරුණාරත්න මහාතාගේ දේහය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

හේම නලින් මහතාගේ මරණ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේදී සිදුකළ මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබුණේ එතුමන්ගේ හිසෙහි නහරයක් පිපිරීමෙන් මෙම මරණය සිදු වී ඇති බවයි.

  • 2.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button