පළකල දිනය : Tue, Jun 12th, 2018

“මං නැගිටල යනව දැන්” සුජීව සමග දෙරණ 360 අතිශයින් විනෝදජනකයි (වීඩියෝ)

දෙරණ නාලිකාවේ 360 සංවාදාත්මක වැඩසටහන ඊයේ දිනයේ පැවැත්වුනේ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.

එම වැඩසටහනේදී වැඩි වශයෙන් සාකච්චාවට ගැනුනේ සේනසිංහ මහතාට අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ආධාර ලැබීම හා බැදුම්කර චෝදානව සම්බන්ධයෙනි.

රාජ්‍ය ඇමතිවරයා වැඩසටහන පුරාම පාහේ ඉතා කලබලකාරී ස්වභාවයෙන් හැසිරුනු අතර වැඩසහටන මෙහෙයවූ දිල්කා හා චාපා වෙත අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල කලේය.

මෙන්ඩිස් ආයතනය විසින් දෙරණ මාධ්‍යටද මුදල් දුන්නේ යයි ඇමතිවරයා චෝදනා කලවිට එසේ මුදල් දී ඇත්තේ නම් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට විය හැකි බව සදහන් කල දිල්කා මෙන්ඩිස් ආයතනය ඔබට මුදල් දෙන්නේ මන්දැයි විමසීය.

‘මට විනාඩි කීයක් දෙනවද.. මං නැගිටලා යනව දැන්.. ප‍්‍රශ්න මගහැරීම මගේ කටයුත්තක්.. ප‍්‍රශ්න ඇසීම ඔබේ කටයුත්තක්.. ඔබතුමාල කියන කියන වෙලාවට මට කතා කරන්න බෑ..’ යයි කිහිප වරක්ම කී ඇමරතිවරයා තවත් අවස්ථා කිහිපයකදීම ඉංග‍්‍රිසි භාෂාවෙන් මාධ්‍යවේදීන් දෙදෙනාට තදින් කතා කලේය.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button