පළකල දිනය : Tue, Jun 12th, 2018

පිහි ඇනුමක් නිසා රූපවාහිනී නිවේදක මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට පත් පුවතේ සත්‍ය මෙන්න

ජනප්‍රිය නිවේදක මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස ඒ මහතා සියළු මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහේෂ් නිස්සංක මහතා කාය වර්ධන මධ්‍යස්ථාන හිමිකරුවකු සමග අරවුලක් ඇති කරගෙන ඔහුට පිහියෙන් ඇන තිබෙන බවත් තුවාලකරුවා මේ වන විට රෝහල් ගත කර ඇති බවත්, මහේෂ් නිස්සංක මහතා නිවසින් බැහැරව සැගවී සිටින බවටත් ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රචාරය කරමින් සිටියි.

එමෙන්ම‍ කඩවත පොලිසියේ මහේෂ් නිස්සංකට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඔහු පොලිසිය මගහැර සැගවී සිටින බවත් මෙම අසත්‍ය කටකතා මගින් ප්‍රචාරය කරමින් සිටියි.

එනමුත් සත්‍ය සිදුවීම වන්නේ එඩේරමුල්ල ප්‍රදේශයේදී මාධ්යවේදී මහේෂ් නිස්සංක මහතාගේ දරුවාව බලහත්කාරයෙන් පැහැර ගැනීමට කිසියම් නාදුනන පිරිසක් පැමිණ තිබේ. එම අවස්ථාවේ නිස්සංක මහතා තම මෝටර් රථයේ තිබුණු ඉස්කුරුප්පු නියනකින් එම නාදුනන පිරිසෙන් එක් අයකුට ප්‍රහාරයක් එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 35ස් හැවිරිදි වසන්ත කුමාර ලියනගේ නැමති කාය වර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවකු තුවාල ලබා ඇත. ඔහු සහ දරුවාව පැහැර ගැනීමට පැමිණි පිරිස පිළිබදව මේ වන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

මහේෂ් නිස්සංක මහතා අද දින ( 12) ඔහුට එරෙහිව කර ඇති පැමිණිල්ලේ විභාගයට පෙනී සිටීම සදහා කඩවත පොලිසියට නියමිත වේලාවට පැමිණ තිබේ.

මෙම සිද්ධිය පාදක කර ගිනිමින් මහේෂ් නිස්සංක මහතාට එරෙහිව අසත්‍ය මඩ ප්‍රචාර නිකුත් වෙමින් පවතී. එම අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ඔහු සියළු පාර්ශ්ව වලින් කාරුණිකව ඉල්ලා සිටියි.

උපුටාගැනීම – සාරවිට

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button