පළකල දිනය : Thu, Jun 14th, 2018

සිංහරාජයටම සිටින දැවැන්තයින් දෙදෙනා ඉවත් කරන්න යයි !

ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිත වනාන්තරයටම සිටින අලි දෙදෙනා අල්ලා ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ අමාත්‍ය සරත් ෆොන්සේකා කටයුතු කර ඇතිබව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.

ඒ සඳහා නිළධාරී කණ්ඩායමක්ද වෙන් කර රුපියල් මිලියන දෙකක මුදලක්ද වෙන්කර ඇතිබවයි එම සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනන්නේ.

පරිසර සංවිධානවල විරෝධතාවන් ද නොසලකා හරිමින් සිංහරාජ රක්ෂිත වනාන්තරයේ මේ වනවිට ඉතිරිව සිටින අවසන් අලි දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන අලි රැඳවුම්ගාලට රැගෙන යන ලෙසට සරත් ෆොන්සේකා අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිංහරාජ රක්ෂිතය කපා එළිපෙහෙළි කරමින් එහි නීති විරෝධී ලෙස පදිංචිව සිටින පිරිසකගෙන් ලද ඉල්ලීමක ඇහුම්කන් දෙමින් මෙම තීරණය ගෙන ඇතිබව පෙන්වාදෙන උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තෙත් කලාපීය පරිසරයකට හුරු වී ඇති මෙම අලි දෙදෙනා හොරොව්පොතාන අලි ගාලේ රඳවා තැබුවහොත් උන් මියයා හැකි බවයි.

මීට අමතරව සිංහරාජ වනාන්තරයේ වාසය කරන මෙම අලි දෙදෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසා එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය වන ජීවී දෙපාර්තමේන්තුවට ඊමේල් පණිවුඩයක් එවා ඇති බවද සඳහන් වනවා. ඒ අනුව ලෝක උරුමයක් වන සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක්ද පැවතීම කණගාටුවට කරුණක්.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button