පළකල දිනය : Thu, Jun 14th, 2018

ඕස්ට්‍රේලියාවේ රූප සුන්දරී තරගයට යන සුරූපී වෛද්‍යවරිය (Photos)

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී සහභාගී වීමට නියමිතයි.

ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සිය සීමාවාසික පුහුණුව ලබමින් සිටිනවා.

මේ වනවිට ඇය මියුසික් වීඩියෝ කිහිපයකට දායකවී ඇති අතර අනාගතයේ වෛද්‍ය පරිපාලන ක්ෂෙත්‍රයට සම්බන්ධවීමට අදහස් කරමින් සිටිනවා.

ඇය බ්‍රයන් කර්කොවන් නමැති විලාසිතා සැලසුම් ශිල්පියා යටතේ පුහුුණුව ලබන අතර StarNow Modeling නමැති ඒජන්සිය හරහා මෙම තරගයට ඇය අයදුම් කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 97 කට මෙම තරගයට සහභාගී වීමට වරම් ලබාඇති බවයි වාර්තා වන්නේ.

තමන්ට ලැබුණු මෙම අවස්ථාව රටට ගෞරවයක් අත්කරදීමට අවස්ථාවක් බවද ඇය පවසනවා.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button