පළකල දිනය : Fri, Jun 15th, 2018

චන්දිමාල් ලංකාවේ ගැලවුම්කරුවා වෙයි !

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් දියත් කළ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය ලබා ගැනීමට ඊයේ (14) සමත් වුණා.

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරඟය ඊයේ ආරම්භ වූ අතර දිනය නිමා වෙද්දී කොදෙව් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 2ක් ලබාගෙන සිටියා.

නැවත වරක් දියාරු පිතිකරණයක නියැලුණු ශ්‍රී ලංකා පිල ලකුණු253කට දැවී ගිය අතර නායකත්වය ඉනිමක් ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුනා.පන්දු 186කදී නොදැවී ලකුණු 119ක් රැස්කළ ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

චන්දිමාල් හැරෙන්නට යම් පමණක හෝ පිත්තෙන් සාර්ථක වීමට හැකිවූයේ කුසල් මෙන්ඩිස්ට පමණයි.ඔහු ලකුණු 45ක් රැස් කළා.

කෙසේ වෙතත් පළමු තරඟයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කර ශතකයක් රැස්කර තිබියදී ඔහු නොම්මර 04 පිතිකරුවා ලෙස මෙම තරඟයේදී ක්‍රීඩා කිරීමට ගත් තීරණය පිළිබඳ විචාරකයින්ගේ මව්තය පළවුණා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩත ෂැනොන් ගේබ්‍රියල් ලකුණු 59කට කඩුලු 5ක් බිඳහෙලූ අතර කෙමාර් රෝච් කඩුලු 04ක් දවාගනු ලැබුවා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button