පළකල දිනය : Sat, Jun 16th, 2018

ඩුබායි වල සේවය කල ශාන්තිගේ මළගමට ඇවිත් අම්මා කියා හඩා වැටුණු ඩුබායි පුත්තු (Photos)

අපේ රටේ කාන්තාවන් හුඟදෙනෙක් තමන්ගේ දරුවෝ එහෙමත් නැත්නම් පවුල ජීවත් කරවන්න රට රස්සාවට යනවා.

ඒ විදිහට රට රස්සාවට ගිය ඩුබායි ගිය අපේ රටේ කාන්තාවකගේ මළ ගෙදරට ඇය සේවය කළ නිවසේ ස්වාමියා සහ හය දෙනෙකු පැමිණ අවසන් ගෞරව දැක්වු පුවතක් මේ දිනවල අන්තර්ජාලය පුරාම සැරිසරනවා.

මේ ඒ ගැන අන්තර්ජාලයේ හුවමාරු වුණු සටහනක්…

“මගේ හොදම යාලුවෙක්ගේ අක්කගේ වියෝව දවසේ මා දුටු මිනිස්කම” ” නමින් ජගත් ලක්ෂ්මන්, මගේ අවුරුදු 30ත් වැඩි හොදම යාළුවෙක්. සහෝදරයෙක් කිව්වත් වැරදි නැ…
මේක පටන්ගන්නේ ජගත් අයියාගේ අක්කා ශාන්ති අක්කගේ වියෝවත් සමගින්…

ශාන්ති අක්කා 1981 රැකියවක් සඳහා ඩුබායි රටට යන්නේ දරුවන් 4දෙනෙක් බලාගැනිමටයි. වැඩි කලක් යන්නට මත්තෙන් ඒ දරුවන් ගණන 8ක් බවට පත්වෙනවා. දරුවන් අටක්කගේ වගකිම මව් පදවියක් නොලබපු ශාන්ති අක්කා නොපිරිහේලා ඉටුකරනවා.

(සන්ති අක්කා අවිවාහකයි) වසර 38 එකම නිවසක සේවය කල ශාන්ති අක්කා 2009 වසරේ අසනිප වෙනවා.

ඒ අවස්ථාවේ ඇයව ලංකාවට නොඑවා ඩුබායි රටේම ප්‍රතිකාර කරන්නට ඩුබායි ජාතිකයින් කටයුතු කරනවා. ඒ අවස්ථාවේදි මගේ මිතුරු ජගත් අයියාට නොමිලේ විසා සහ ගුවන් ගමන් පතක් ලබාදි අක්කාගේ සැපදුක් බැලිමටද ඒ අය කාරුනික වෙනවා.

ඇයගේ අසනිප තත්වය දිනෙන් දින වැඩි වෙනකොට, ඇයට උපස්තාන කිරිමට ලංකාවෙන් තවත් සේවිකාවක් එම නිවසේම ශාන්ති අක්කා වෙනුවෙන් නතර කරනවා.

ඒ අතරතුර ශාන්ති අක්කගේ බලකිරම මත සිංහල බෙහෙත් කිරිම පිනිස ලංකාවට පැමිණෙන්නේ 2012 හොඳකරගේන හෝ නැතිව නැවත එම ගෙදරට එන පොරොන්දුව මතයි.

ඇයව ලංකාවට ගෙනැවිත් මගේ යලුවාට ඔවුන් බාරදි, ඇයව කේසේ හෝ සුවකරලා නැවතත් ඔවුන්ගේ ගෙදරට එවන මෙන් ජගත් අයියාගෙන් ඔවුන් අයැද රටින් පිටව‍ෙනවා. මේ කාළය අතරේදී ජගත් අයියා දන්නා සැම වෙදකමක්ම ඇය වෙනුවෙන් කැපවී කරන නමුත් දිනේන් දින ඇය ගේ රෝගි තත්වය උස්සන්න වෙනවා.

2012 සිට ඇය මියයන තෙක්ම දුරකතන මගින් ද වසරට කිපවරක් ඔවුන් මෙරටට ඇවිදින්ද ශාන්ති අක්කව බලලා යනවා. ඇය මියගිය පුවත ඇසූ ඔවුන් 6 දෙනෙකු ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහුන් අම්මා අම්මා කියා අඩමින් මිනි පෙට්ටිය කරමත තබාගෙන යනවිට, දේහයට අවසන් බුහුමන් දැක්විමට පැමිනි අප සැමගේ නේතටත් අප නොදැනිම කදුලක් එකතුවුණා.

ශාන්ති අක්කා හැමදාමත් ඔවුන්තුල ජිවත්වේයි කියා මටත් හිතුනා. අවසානයේ ඔවුන් ඔවුන්ගේ ආගම කියමින් වල ලඟ වැතිරිලා ඔවුන්ව අතිදැඩි කල ඒ අම්මාට අවන්කම ස්තුතිය පුදකලා කියා මට හිතුනා.

දෙමාපියන් මහමග දමායන රටේ කුමන හෝ ජාතියකින් මිහිපිට මම වසර 52ට දැකපු හොදම දසුන මේයයි කියා මම සිතමි.

එම ඡායාරූප සියල්ල පහතින්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button