පළකල දිනය : Sun, Jun 17th, 2018

ගංගා සුදර්ශනී මෑණියන්ගේ ආන්දෝලනාත්මක අනාවැකියක් !

හෙට වන්නට තිබෙන දේ අද දැනගන්නට හැකිනම් මානව සත්ත්වයා වන අපට ඊටත් වැඩි දෙයක්‌ නැති තරම්.

මන්ද යත් මානවයා නිරන්තරයෙන්ම කුතුහලය දනවන සංසිද්ධින් පසුපස බෙහෙවින් හඹායැම සිදුකරන සත්ත්ව කොට්‌ඨාසයකි.

කෙතරම් තාක්‌ෂණයෙන් දියුණු වූවත් තාක්‌ෂණයට ප්‍රථම නොයෙක්‌ ස්‌වාභාවික සිදුවීම් මාලාවන් ග්‍රහණය කරගැන්මෙහිලා සුවිශේෂි දක්‌ෂතාවයන් දන්වන්නා වූ පිරිස අතළොස්‌සක්‌ තවමත් මිහිපිට දිවිගෙවන බවට අපි මනා සේ දන්නා වූ කරුණකි.

එකී සත්‍යය වසන් කිරීමටද නොහැකිය. නමුත් ඇතැම් අන්තවාදි මතධාරීන් පිරිසක්‌, ඕනෑම රටක එවන් විශේෂ දක්‌ෂතාවයන් උපතින්ම රැගෙන එන්නවුන්ට බාධාවන් පැමිණවීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව අවසන්ය.

නමුත් යමෙකුගෙන් උකහාගත හැකි සාමාජීය යහපතක්‌ වෙතොත් එය ඔබට ඉදිරිපත් කිරීමට හැකිනම් ස්‌වකීය මාධ්‍ය මෙහෙවරේ සාධනීය සුයහපත් ලක්‌ෂණයක්‌ සේ අපි එය දකින්නෙමු.

මානසික ශක්‌තියෙන්, උපතින්ම ලද දායාදයක්‌ ලෙසින් ද අර්ථාන්විත විද්‍යාත්මක වූ අනාවැකි පවසන්නාවූ ශාස්‌ත්‍රාචාරිනි විශ්වදුහිතෘ ධර්මචාරිනි ගංගා සුදර්ශනී මෑණියන් විසින්පැ වසූ අනාවැකි පිළිබඳව මතකාවර්ජනයෙහි නියෑළීමට හොදම කාලය මෙය යෑයි තීරණය කළෙමු.

ආයුබෝවන් මෑණියනි·

ආයුබෝවන් ඔබටත්.

ගංගා සුදර්ශනී මෑණීයනි මේවන විට දිවයින පුවත් පත හරහා ඔබ විසින් පවසන ලද බොහෝමයක්‌ අනාවැකි සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාල වල මෙන්ම බොහෝ පිරිස්‌ කථාබහ වනවා. මෑණියන්ගේ ප්‍රතිචාරය මොකද්ද මේ සම්බන්ධයෙන්?

ප්‍රතිචාරය කියන්නේ මෙහෙමයි. ව්‍යසනයක්‌ වෙනවා කියලා යම් අංශයකින් මම දේශීය මෙන්ම විදේශීය සිටින ජනතාව දැනුවත් කළාට පස්‌සේ ඒ අනාවැකිය එලෙසින්ම මේ ලෝකධාතුවේ සිදුවීම ගැන මම සතුටු වෙන්නේ නැහැ.

මම කියන්නේ නරකක්‌ වෙනවා කියලා ඒ දේ හැබෑ වුණාම බොහොම කනගාටුවක්‌ තමයි මට ඇතිවෙන්නේ. බොහෝමයක්‌ රජයේ මැති ඇමතිවරුන් ගේ ඉඳන් බුද්ධිමත් උගත් පිරිස්‌ සියලු දෙනාම මම පවසන අනාවැකි සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්‌වන අවස්‌ථා මෙන්ම, මට බැණ වදින අවස්‌ථාත් තිබෙනවා.

නමුත් මම ඒ හැම දෙයක්‌ ම බොහොම උපේක්‌ෂා සහගතව භාරගන්නවා. මොකද බුදුරදුන් දේශනා කොට ඇත්තේ හතර ලෝක ධර්මයක්‌ නොව අෂ්ට ලෝක ධර්මයක්‌ කියන කාරණාව මම නිරන්තරයෙන්ම මෙනෙහි කරනවා. එවිට මානසික පීඩාවන් ගෙන දෙන්නෙ නෑ. ඒත් සම`ගම මතක්‌ කරන්න ඕනේ පැවසූ අනාවැකි සම්බන්ධයෙන් මේ වසරේ සිදුවන්නට තිබෙන විශේෂයෙන් ස්‌වාභාවික ගැටලු ගැන. ඒ හැම දෙයක්‌ම වගේ දැන් වෙමින් පවතිනවා.

නැවතත් සිහිපත් කරොත් මග හරුණු පාඨකයින් වෙනුවෙන් ඒ පිළිබදව?

ඔව් මම පැහැදිලිවම දිවයින පුවත් පත මගින් සදහන් කළා මාර්තු මාසයේ දෙවන සතිය වෙනකොට ශ්‍රී ලංකාවට මෙන්ම විදේශීය රාජ්‍යන් වෙත ජලයෙන් සිදුවන්නට තිබෙන විපත් ගැන. මීට පෙර වසර කිහිපයකම ගින්නෙන් පීඩා විදිනවා සහ එහි බැරෑරුම් ප්‍රතිඵලයන් ගැන මම සදහන් කළා. ඒ අන්දමින්ම 2018 වසරින් ඇරඹෙන්නාවූ ස්‌වාභාවික විපත් වන්නේ ජලය මූලික කරගෙන බව මම මුථ රටටම පැවසුවා.

2018 ජනවාරි 31 ත් එමෙන්ම මේ වසරේම මාර්තු මාසයේත්. මම විශ්වාස කරනවා පාඨකයන්ට නම් මේ ගැන ඉතා හොඳ අවබෝධයක්‌ ඇති කියලා. විද්‍යාඥයින් පවා මවිත කරවන අන්දමින් දේශගුණික විපර්යාසයන් සිදුවන බව මම සදහන් කළා. එය ඒ අන්දමින්ම සිදුවුණා. දරුණු අන්දමින් මේ ලක්‌දෙරණට එය බලපෑවා. මම මේ පිළිබදව රජයේ ඉහළම පෙළේ අමාත්‍යවරයෙකුට පැවසුවා. මේ අන්දමින් සිදුවන බව.

කව්ද ඒ අමාත්‍යවරයා?

ඒ ගැන ඔබට පෞද්ගලිකව පැවසීමේ හැකියාව තිබෙනවා. නමුත් ප්‍රසිද්ධියේ පැවසීමෙන් ඔහුට ගැටලුවක්‌ වෙයි කියලා හිතෙනවා. හරියට ක්‍රිකට්‌ ක්‍රීඩාවට අනාවැකි පවසලා පසුව එවන් දේවල් නොදන්නවා යෑයි නිර්මාණය වුණු පසුතලයක ඉඳලයි අපි මේ සාකච්ඡාව කරන්නේ.

කොහොම නමුත් මම කාට පැවසුවත් යම් හෙයකින් මවිසින් අනාවැකියක්‌ පවසන්නේ නම් එහි වගකීමද මා සතු වන බව මම දන්නවා. ඒ නිසා ඊට මගේ හෘද සාක්‌ෂිය පමණක්‌ සෑහේ.

තවදුරටත් ජලයෙන් විපත් සිදුවන්නට නියමිත සාධක ගැන සිහිපත් කළොත්?

අනිවාර්යෙන්ම මම පැවසුවා 2025 වන තුරුම මේ ජලයෙන් වන බලපෑම සුළු පටු වෙන්නේ නැහැ. මම නැවතත් සිහිපත් කරනවා ගම්මාන හතරක්‌ම නායයැමකට පත්වන්න තිබෙනවා. විශාල දේපළ මෙන්ම ජනජීවිත හානියක්‌ ද සම`ගින්. ඉදිරියේදී මම එවන් ප්‍රදේශ කිහිපයකටම ගමන් කරනවා. ඒ ගැන අදාළ රාජ්‍ය ආයතනවලට දැනුම් දෙනවා. පිළිගන්න නොගන්න එක ඔවුනගේ නැණ පමණින් සිදුකරයි. නමුත් මගේ යුතුකම මම ඉෂ්ට කරනවා. මොකද මට පේන දෙයක්‌ මගේ මනසට කියන්න පැකිලෙන කෙනෙක්‌ නෙමෙයි මම. ඉන් මට අයහපතක්‌ වුණත්.

වෙනත් අන්දමින් අයහපත් කාරණාවන් රටටත් ලෝකයටත් බලපානවාද? ඒ මොනවද?

හොදට මතක තබා ගන්න දැන් කොතරම් වැස්‌සද මිනිසුන්ට වර්ෂාව සමග මහා කේන්තියක්‌ ඇතිවන තරමට මෙන්ම වැස්‌සා. ඕනවටත් වැඩියෙන් ඒ දේ සිදුවුණා කියලා තමයි කිව්වේ. නමුත් වැස්‌සනම් හොදයි කියලා හිතෙන විදියට ඉදිරි මාස තුන ඇතුළත මහා නියගයක්‌ පැමිණෙනවා.

ඉන් ජනතාව සතාසීපාවුන් බෙහෙවින්ම පීඩාවට පත්වෙනවා. උෂ්ණත්වය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අන්දමින් ඉහළ යැමක්‌ සිදුවෙනවා. ජූලි මාසයෙන් අනතුරුව අගෝස්‌තු මාසය ආරම්භයත් සමගින්ම මෙම නියං සමයේ ආරම්භය සනිටුහන් වනවා. එය දැඩි නිය`ගයක්‌ බවට පරිවර්තනය වනවා.

කොපමණ කාලයක්‌ එම නියගය පවතීවිද?

මට දැනෙන අන්දමට මාස හතරක පමණ කාලයක්‌. නමුත් එහි පීඩාව සුළුපටු වෙන්නේ නැහැ. නමුත් මම ඇත්තෙන්ම එහි පීඩාව අවම වන්නට ආශිර්වාද කරනවා. මවෙත හැකි උපරිමයෙන්. මොකද කුඩා දරුවන් තමයි බොහෝමයක්‌ රෝග උවදුරු වලට භාජනය වන්නට ඉඩ තිබෙන්නේ.

ළදරු මරණයන් පවා සිදුවන්නට නියමිතයි. කොහොමත් මම 2011 සිටම පවසන දෙයක්‌ තමයි අනාවැකියක්‌ වශයෙන් බිලිsඳු දරුවාගේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන්නාවූ දරුවන් දක්‌වාම උදා වී ඇත්තේ අතිශයින්ම තීරණාත්මක කාල හෝරාවක්‌ 2025 වන තෙක්‌ම. එම වර්ධනය වනවා මිසක මර්දනයක්‌ දකින්නට ලැබෙන්නේ නැහැ.

ඔබ පූර්වයෙන් මගේ විමසුවා ලෝකය පිළිබඳව. දේශපාලනික කඩාවැටීම් අනිවාර්යෙන්ම ප්‍රබලතම රාජ්‍යයන් කිහිපයකම සිදුවෙනවා. මේ වසර ආරම්භයේ සිටම පැවසුවා ප්‍රසිද්ධ මෙන්ම අප්‍රසිද්ධ ගිනි කදු හී විදාරණයන් මෙන්ම නොසිතන අන්දමේ සිදුවන විනාශයන් ඒ හේතුවෙන්.

මරණ විපත් අනිවාර්යෙන්ම ඉහළ යනවා. එහි විෂ වායු පවා ආඝ්‍රානය වීම පැතිරි යනවා. නොසිතන අන්දමින් පැතිර යැමේ වපසරිය විශාල වනවා. ඒත් සමගම මේ ඇරඹි කාල හෝරාවන් ඉන්දියාවටද සුබ නැති බව පැවසිය යුතුමයි.

මම එය ඉන්දීය මාධ්‍යයන්ට පවා ප්‍රකාශ කළා. වසරින් අඩකටත් වඩා භාරතීය විවිධ ප්‍රාන්ත පුදුමාකාර ස්‌වාභාවික විපත් මතින් පීඩා විඳින බව මම වසර ආරම්භයේ සිටම පැවසුවා ඉදිරියටත් එලෙසමයි.

ඉදිරි මාස කිහිපය තුළදීද සිදුවන්නට තිබෙන ව්‍යසනයන් පිළිබදව මම ජනතාව දැනුවත් කරන්නට බලාපොරොත්තු වනවා.

ඔවුන්ට යම් උපදේශයක්‌ පැවසීමට හැකිද?

ඇත්තෙන්ම ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් දිවි ගෙවන්න අපේ මිනිසුන්ට හැකි නම්, ගහේ කොලේ මලේ පෙත්තේ ඇළ දොළ ගංගා මහා සමුද්‍ර පර්වතාශ්‍රිතව වැඩ වාසය කරන යහපත් බලශක්‌තීන්ගේ ආශිර්වාදය මානවයා හට හිමිවෙනවා නොඅනුමානයි. එය ලෙහෙසියෙන් ලබා ගන්න බැහැ. නමුත් උත්සාහ කළොත් යහපතක්‌ම වනවා නිත්‍ය වශයෙන්ම.

– දර්ශන රුවන්

  • 1.8K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button