පළකල දිනය : Sun, Jun 17th, 2018

ජම්පර ඇද දින හතකින් ඥාණසාර හිමිගේ භික්‍ෂූත්වය ඉවතට ?

උපසම්පදා භික්‍ෂුවක් දින හතක කාලයක් චීවරය නොදරා සිටියහොත් භික්‍ෂුත්වය අහෝසි වන බව විනය පිටකයේ සදහන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ භික්‍ෂුත්ව රැකදීම සදහා මහ නාහිමිවරුන් පෙරට ආයුතු යයිද අබයතිස්ස හිමියෝ සදහන් කරති.

එහිමියෝ මෙම අදහස් පල කරන ලද්දේ පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙණේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම විනය පිටකයට අනුව කිසිසේත් නොවිය යුත්තක් බවද කී උන් වහන්සේ ඉංග‍්‍රිසි පාලකයන් විසින් වාරියපොල සුමංගල හිමියන් යාපනයේ සිරගෙදර සිර කරන ලද්දේ සිවුරු හරවා නොවන බවත් කියා සිටියහ.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ජම්පරය අන්දවා ඇති බව බන්ධගාර ප‍්‍රධානීහු තහවුරු කරති.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button