පළකල දිනය : Mon, Jun 18th, 2018

ඇඹරල්ලා කඩන්න ගිය කැළණි සරසවි සිසුවාට අත්වූ අවාසනාවන්ත ඉරණම !

කැළණි විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගනුම ලැබූ සිසුවෙක් අද (18) උදෑසන විදුලි සැර වැදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එම සරසවියේ නර්ථන විෂය හැදෑරු පැතුම් මධුෂාන් සුබසිංහ නැමති කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවෙකි.

විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන ප්‍රදර්ශණයක් සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක් අසළ පිහිටි ඇඹරල්ලා ගසක ගෙඩි කැඩීමට ගොස් ඇති අවස්ථාවේ ඔහු භාවිතා කළ තහඩු කැබැල්ල අධි බලැති විදුලි රැහැනක පැටලී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button