පළකල දිනය : Tue, Jun 19th, 2018

ලිංගික ශක්තිය වර්ධනය කරන පළතුරක් !

අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් විවිධ අදහස් රැසක් පසුගිය කාලයේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තුළ හුවමාරු වුනා. ඒ අනුව කාමරංගා අනුභවය ශරීරයට අහිතකර බවට මතයක්ද සමාජය තුල ගොඩනැගී තිබුණා.

කෙසේ නමත් කාමරංගා යනු මෙරට වැවෙන පලතුරු අතර කැල්සියම් වැඩිපුරම අඩංගුවන පලතුරක් වන අතර කාමරංගා ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම්,විටමින් C,සෝඩියම් යන පෝෂක වලින් පොහොසත්ය.

සීනි ප්‍රතිශතය ද අඩුය. කාමරංගා ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වන බවද පැරණි අයුර්වේද ග්‍රන්ත තුලද සඳහන් වනවා.

විශේයෙන් ආහාර ගැනීමෙන් පසු කාමරංගා අනුභවය කිරීමෙන් ආහාරවල අඩංගු යකඩ සිරුරට පහසුවෙන් අවශෝෂනය වීමේ හැකියාවද පවතිනවා.

නමුත් කාමරංගා පරිභෝජනය තුළින් වකුගඩු රෝගවලට මුහුණ දීමට සිදුවෙතැයි මහජනතාව අනියත බියක් ඇති කරලීම සඳහා කිසියම් පිරිසක් විසින් විද්‍යානුකූල පදනමකින් තොරව, කාමරංගා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කර තිබුණා.

පසුගියදා ගන්නොරුව පලතුරු හා උද්‍යාන භෝග අංශයේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිතාවක නිරත වු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා තිබුණා.

එහිදී නිලධාරින් ප්‍රකාශ කර තිබුනේ කාමරංගා පරිභෝජනය කිරීම දැනට වකුගඩු අකරණිය, වකුගඩුවල ගල් වැනි රෝගවලින් පෙළෙන අයට ගැටළුවක් විය හැකි නමුත් එසේ නොවන අයට ඉන් කිසිදු ගැටළුවක් නැති බවයි. විශේෂයෙන් කාමරංගා පලතුරෙහි දාරවල Calcium Oxalate නැමැති රසායනිකය බහුල වශයෙන් අඩංගු වන අතර ඒවා වකුගඩු රෝගවලින් පෙළෙන රෝගින්ට අහිතකරය. නමුත් ආහාරයට ගැනීමේදී දාර ඉවත් කර අනුබව කිරීම තුළින් කැල්සියම් ඔක්සලේට් නැමැති රසායනිකය ශරීරගතවීම වළක්වා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් පෙන්වා දී තිබුණා.

කාමරංගාවල කැරබොක්සින් හා ඔක්සැලික් අම්ලය අඩංගු වන අතර එය රසායනික වකුගඩු රෝගවලින් පීඩා විදින්නන්ට ඉතා අහිතකර වනවා. කාමරංගා අධිකව ආහාරයට ගැනීමෙන් වකුගඩුවල ගල් ඇතිවීම හා වකුගඩු දුර්වලවීම සිදුවේ. නමුත් වකුගඩු රෝග නොමැති පුද්ගලයින්ට කාමරංගා අනුභවය කිසිදු ගැටළුවක් නොමැති බවද ඔවුන් පෙන්වා දී තිබුණා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button