පළකල දිනය : Thu, Jun 21st, 2018

සාරි ඇඳන් උතුරේ කරක් ගහන සුන්දර ප්‍රංශ යුවතියෝ (Photos)

උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත්වූ ළමයින් සහ වැඩිහිටියන්ගේ ජීවන තොරතුරු විමර්ශනය කිරීමට සහ උපකාර කිරීමට ප්‍රංශ ජාතික දූත පිරිසක් හින්දු සම්ප්‍රදායට සැරසී පෙරේදා (19දා) වවුනියාවේ සංචාරයක නිරත වී තිබේ.

ප්‍රංශයේ ක්‍රියාකාරිව පවතින මානව හිතවාදී සංවිධායනයක නියෝජිතයන් පිරිසක් මේ සඳහා එක්ව සිටි අතර ඒ වෙනුවෙන් ප්‍රංශ යුවතියන් හින්දු සාම්ප්‍රදායානුකූලව සාරියකින් සැරසී අදාළ විමර්ශන කටයුත්තට එක්ව සිටීම විශේෂත්වයක් ගෙන ඇත.

හින්දු සාම්ප්‍රදායානුකූලව ඇදුම්වලින් සැරසීමට හේතුව කුමක්දැයි අදාළ පිරිසගෙන් විමසීමේදී ප්‍රංශ යුවතියන් පැවසූවේ දමිළ සාම්ප්‍රදායික ක්‍රමයට සැරසී දමිළ ළමයින් සහ වැඩිහිටියන් වෙත වඩාත් සමීප වීමට තමන්ට අවස්ථාව උදාවන බවයි.

විමර්ශනයට එක්වූ පිරිස වවුනියාව, මුලතිව්, කිළිනොච්චිය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හිදී ළමා සහ වැඩිහිටි නිවාසයන්හි සංචාරය කර තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button