පළකල දිනය : Thu, Jun 28th, 2018

සැලියුට් ගහලා කතා කරන්න කියපු තෙවරප්පෙරුමට බුකියේ දැවැන්ත විරෝධයක් (Photos)

වනජීවී නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර සූරියවැව ප‍්‍රදේශයේදී ඊයේ (27) ඇතිවූ උනුසුම් සංවාදය පිළිබඳව මේ වන විට ෆේස්බුක් සමාජ ජාලය හරහා බොහෝ දෙනා අදහස් පලකරනවා.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අනවසරයෙන් පස් ප‍්‍රවාහනය කරන ටිපර් රථ වැටලීමක් සඳහා ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක්, රියදුරෙකුගේ ජංගම දුරකතනයක් ගත් බවට ඔවුන් අමාත්‍යවරයාට කළ කරුණු දැක්වීමක් අනුව මෙම තත්වය ඇතිවුණා.

එසේම එම අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයාට මහත්තයා යනුවෙන් කතා කල පොලිස් නිළධාරියෙකු අමතා තමන් ‘මහත්තයෙක් නෙමෙයි ඇමතිවරයෙක්. සැලියුට් එකක් ගහල කතාකරනවා තමුසේ පොලිස් කාරයෙක් නං’ යනුවෙන්ද ප්‍රකාශ කලා.

ෆේස්බුක් හරහා පළවූ අදහස් කිහිපයක් පහතින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button