පළකල දිනය : Mon, Jul 2nd, 2018

සංචාරක හෝටලයට පෙම්වතිය ගෙන ගොස් පෙම්සුව විඳි තරුණයා අමුතු වැඩක් කරළා !

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 15 හැවිරිදි එකම දියණිය සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇය පැහැරගෙන ගොස්‌ අතවර කර ඇය මුදාහැරීමට පියාගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක්‌ ඉල්ලූ ක්‍රීඩා උපදේශක පෙම්වතා මීගමුව දිස්‌ත්‍රික්‌ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක සම්පත් දිසානායක මහතා විසින් 1දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වූයේ මීගමුව කාමච්චෝඩය විස්‌ත්‍රින් ඇවිනිව් හි පදිංචි ජිරි මොහොමඩ් අශ්රොස්‌ලි (25) නමැත්තෙකි.

මෙම පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතාට පැහැර ගැනීමට ලක්‌වූ බව කියන බාලවයස්‌කාර පෙම්වතියගේද සහාය ලැබී ඇතැයි මූලික පොලිස්‌ විමර්ශනයේදී හෙළිදරව් වී ඇත.

විමර්ශන වලින් අනාවරණය වූ කරුණු අනුව පැහැර ගැනීමට ලක්‌වූ බාලවයස්‌කාර පෙම්වතිය මීගමුව මහවීදිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඇය දෙමාපියන්ට රහසේ සැකකරු සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇති අතර පසුගිය ජුනි 28දා පෙම්වතා සමග මුහුදු වෙරළට ගොස්‌ රෑ බෝවනතුරු පෙම් සුව විඳ ඇත.

එහිදී පෙම්වතා තරුණිය උපක්‍රමශීලීව කැඳවා ගෙන ගොස්‌ සංචාරක හෝටලයක රඳවා ඇයට අතවර කර පසුව ඇය එහි සිරකර තබා ඇත.

ඉන් අනතුරුව සැකකාර පෙම්වතා පෙම්වතියගේ ජංගම දුරකථනයෙන් ඇගේ පියා අමතා දියණිය නිදහස්‌ කිරීමට නම් රුපියල් කෝටියක කප්පමක්‌ ඉල්ලා ඇත. එහෙත් එම තැත ව්‍යර්ථ වූ අවස්‌ථාවේ එම කප්පම් මුදල රුපියල් ලක්‌ෂ 10 දක්‌වා අඩුකර ඇත.

එහෙත් එම ඉල්ලීමටද පියාගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණු බැවින් සැකකරු සිය පෙම්වතිය කටාන බටපත්තල ප්‍රදේශයට කැඳවාගෙන විත් ඇය එහි අතරමං කර දමා පලාගොස්‌ ඇත.

පසුව පෙම්වතිය එම මාර්ගයේ ගමන් ගත් ලොරියක ආධාරයෙන් මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උදයකුමාර වුඩ්ලර් මහතා හමුවට පැමිණ භාරවී ඇත.

පසුව දිස්‌ත්‍රික්‌ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක සම්පත් දිසානායක මහතාගේ ප්‍රශ්න කිරීමේදී එම තරුණිය ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවක සහ තවත් පස්‌ දෙනකු විසින් තමා පැහැර ගත් බවයි. විමර්ශනවලදී එම තොරතුරු අසත්‍ය බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පැහැරගෙන යැම, ස්‌ත්‍රී දූෂණ සහ කප්පම් ගැනීමට තැත් කිරීම යන චෝදනා මත අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත.

මෙහි විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරළ, සහකාර පොලිස්‌ අධිකාරි එම්. රිඩ්, මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උදයකුමාර වුඩ්ලර් යන මහත්වරුන්ගේ අධීක්‌ෂණය මත මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක සම්පත් දිසානායක, සැරයන් (63188) එම්. රවුµa, පො.කො. (82068) සම්පත්, පො.කො. (78941), පුෂ්පකුමාර පො.කො. (82442) පෙරේරා, පො.කො. (88441) හපුවිට, පො.කො. (34292) නලින්ද, (31877) චතුරංග, පො.කො.(37928) වන්නිනායක සහ පො.කො. රි. (85938) ජයකොඩි යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.

මීගමුව සමූහ – විමල් කීර්ති

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button