පළකල දිනය : Wed, Jul 4th, 2018

ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද සිදුවන්නේ මෙහෙමයි !

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සෘජු ලෙස දේශපාලන කටයුතුවලට එක්‌වෙමින් ප්‍රථම වරට බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණීම අද (04) සිදු වීමට නියිමත බව වාර්තාවෙයි.

එලෙස දේශපාලන කටයුතුවලට එක්‌වන ගෝඨාභය රාජපක්‌ෂ මහතා නෙළුම් මාවත පක්‌ෂ මූලස්‌ථානයේදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට සාමාජිකත්වය පිරිනැමීමේ අවස්‌ථාවට ද එක්‌වෙයි.

ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සෘජුව දේශපාලනයට පැමිණීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ප්‍රායෝගික දේශපාලන වැඩසටහනක්‌ සැකසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණෙන ලෙස කරන ලද ආරාධනයකට අනුව ඒ මහතා අද නෙළුම් මාවත පක්‌ෂ මූලස්‌ථානය වෙත පැමිණෙනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරු අද (04 දා) එම පක්‌ෂයේ සාමාජිකත්වය ලබාගන්නා අතර,

එම පළාත් සභා මන්ත්‍රීවරුන්ට පක්‌ෂ සාමාජිකත්වය පිරිනැමීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී පැවැත්වේ.

විසුරුවා හැර ඇති පළාත් සභා තුන ඇතුළුව පළාත් සභා නවයෙහි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන් සියයට 90 ක්‌ පමණ පක්‌ෂ සාමාජිකත්ව ලබාගැනීමට නියමිතය.පක්‌ෂ සාමාජිකත්වය ලබාගැනීමට පැමිණෙන ලෙස එම සියලු මන්ත්‍රීවරුන්ට විවෘත ආරාධනාවක්‌ කර ඇත.

මෙම අවස්‌ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‌ෂ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ද සහභාගි වීමට නියමිතය.

  • 1.3K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button