පළකල දිනය : Wed, Jul 4th, 2018

මහින්ද, ගෝටා කැදවාගෙන එකම රියකින් නෙළුම් කාර්යාලයට එයි (Photos)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරුන්ට පක්‌ෂ සාමාජිකත්වය පිරිනැමීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී මේ වන විට පැවැත්වේ.

මෙහිදී විසුරුවා හැර ඇති පළාත් සභා තුන ඇතුළුව පළාත් සභා නවයෙහි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන් සියයට 90 ක්‌ පමණ පක්‌ෂ සාමාජිකත්ව ලබාගැනීමට නියමිතය.

මේ අතර හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සෘජු ලෙස දේශපාලන කටයුතුවලට එක්‌වෙමින් ප්‍රථම වරට බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණ සිටියේය.

ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සෘජුව දේශපාලනයට පැමිණීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ප්‍රායෝගික දේශපාලන වැඩසටහනක්‌ සැකසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණෙන ලෙස කරන ලද ආරාධනයකට අනුව ඒ මහතා අද (04) එහි පැමිණ තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button