පළකල දිනය : Thu, Jul 5th, 2018

ආසිරි රෝහලේ විශ්මිත සැත්මකින් ජීවිතය දිනූ ලසිඳුගේ කතාව (වීඩියෝ)

අපි කාට වුණත් ලෙඩක් දුකක් හැදුණම ඒ ගැන ලෝකෙට පෙන්නුවේ නැතත් හිතින් ගොඩ දෙනෙක් ලත වෙනවා.

උණක් හෙම්බිරිස්සාවක් වගේ නෙවෙයි සමහර විට හොඳ කරන්න අමාරු ලෙඩක් අපිට හැදුනොත් සමහර විට ලෙඩේට වඩා ඒ ගැන හිතලම ගොඩක් අය මානසිකව හරිම පල්ලෙහා මට්ටමකට වැටෙනවා.

ඔය විදියට තමන්ගේ ජීවිතේ හොඳම කාලය ගතකරපු කෙනෙක් තමයි ලසිඳු පෙරේරා කියන්නේ. ඔහුට වයස අවුරුදු 16යි.

හැමෝටම වගේ ලසිඳුටත් ආසාවක් තිබුණා යාළුවෝ එක්ක සෙල්ලම් කරලා දුවලා පැනලා ඉන්න. අම්මා තාත්තාගේ අතින් අල්ලගෙන කඩේට යන්න. ඒත් දෛවයේ සරදමකට වගේ ලසිඳුට ඒ දේවල් කරන්න ලොකු බධාවක් තිබුණා.

ඒ ඔහුගේ කොඳු ඇට පේළියේ අසාමාන්‍ය වක්‍ර වීමක් තිබුණු නිසා. ඔහුගේ දෙමාපියන් තමන්ගේ දරුවාට ලෝකයක් ඉදිරියේ කොන්ද කෙලින් තියාගෙන ඇවිද්දවන්න නොකරපු දෙයක් නෑ, නොගිය ඉස්පිරිතාලයක් නෑ. ඒත් ඒ එක තැනකින්වත් ඔවුන්ට හරි හමන් සෙතක් ලැබුණේ නෑ.

ඒත් ලසිඳු දවසින් දවස ගෙවන දුක් විඳින ජීවිතේ සතුටුදායක දවස උදාවෙන්න ගොඩ කාලායක් ගියේ නෑ. මොකද ඔහුට මේ රෝගී තත්වයෙන් මිදෙන්න පුලුවන් හොඳම තැන හම්බ වුණු නිසා.

ඒ තමයි ආසිරි සෙන්ට්‍රල් රෝහල. පැතිකුදය කියන රෝගී තත්වයෙන් පෙළුණු ලසිඳුට කරපු ශල්‍යකර්මය තමයි ලංකාවේ පළවෙනි වතාවට ස්නායු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් අතින් පැතිකුදය රෝගී තත්වයට සාර්ථකව කරපු පළමු ශල්‍යකර්මය.

මේ හැමදේම කළේ ආසිරි රෝහලේ මොළය සහ සුෂුම්නාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් එක්ක ප්‍රවීණ ශල්‍ය වෛද්‍ය උපදේශක වෛද්‍ය සුනිල් පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ තමයි මේ වැඩේ සාර්ථක කරගන්න පුලුවන් වුණේ.

ලසිඳුගේ කොඳු ඇට පෙළ‍ෙ දක්නට ලැබුණු අසාමාන්‍ය වක ගැසීම හෙවත් පැති කුදය නිසා ඔහුට බොහෝ සෞඛ්‍ය ගැටලු මතුවෙලා තිබුණා. ඒ නිසාම තමයි මේ ශල්‍යකර්මය ඉක්මණ් කරන්න ඕනි කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තිබුණේ.

මීට පෙර 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී ද ලසිඳුට අංශභාග තත්ත්වයක් ඇතිවෙලා තිබුණා. එහිදී තමයි ඔහුට මුල් වරට වෛද්‍ය සුනිල් පෙරේරා ඇතුළු කණ්ඩායමට ලසිඳුව මුණගැහෙන්නේ. එහිදි කරපු පරීක්ෂණවලදී හෙළිවුණේ ලසිඳුගේ මොළය ආශ්‍රිතව විශාල පිළිකා ගෙඩියක් හටගෙන ඇති බව.

‟ඔහුගේ මොළයේ ගෙඩිය හටගෙන තිබුණේ අතිශය භයානක තැනකයි. එතැන ශල්‍ය කර්මයක් කිරීම පවා සෑහෙන අවදානම් සහ අසීරු කටයුත්තක් වුණා. අපි විකිරණ ප්‍රතිකාර පමණක් ලබාදුන්නා නම් ලසිඳුගේ ජීවිතය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකියි.

නමුත් බොහෝ දෙනා ශල්‍ය කර්මයක් සිදුකිරීම ප්‍රතික්ෂේප කරද්දී අපි ඒ වගකීම භාරගත්තා.’’ යැයි මෙහිදී සැත්කම සාර්ථකව සිදුකළ වෛද්‍ය සුනිල් පෙරේරා පවසා සිටියා.

ඉන් අනතුරුව ලසිඳුට වෛද්‍ය සුනිල් පෙරේරා දෙවන වතාවට මුණගැහෙන්නේ 2018 වසරෙදි ඔහුගේ කොඳු ඇට පේලියේ වක්වීම වර්ධනය වන සමයක…

ඔහුට මෙම රෝගී තත්වය නිසා ඇතිවුණු අපහසුතා ගැන වෛද්‍ය සුනිල් පෙරේරා මහතා අදහස් දක්වලා තිබුනේ මේ විදියට…

තෙරපුම් පටියක් නොයොදා පැති කුදයට ප්‍රතිකාර කිරීමට යාමේදී අංග විකලතාව උත්සන්න විය හැකියි. විශේෂයෙන්ම ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වීම නිසා වක් බව කාලයත් සමඟ තවදුරටත් වර්ධනය විය හැකියි, තවද ඔහුගේ ගමන් විලාසයත් විකෘති වී තිබුණා.

එය දිගින් දිගටම වර්ධනය වෙමින් තිබූ නිසා තමයි අපි ශල්‍ය කර්මයක් සිදුකිරීමට තීරණය කළේ. මේක අමාරු වගේම අවදානම් සහිත ශල්‍ය කර්මයක්.

මේකේ අවදානම තමයි යම් විදිහකින් වැරදි තැනකට ඇණ සවිකිරීමක් සිදුවුණොත් සුෂුම්නාවට හානි වෙලා අංශභාග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කොඳුඇට පෙළ නිවැරදිව සැකසීමට උත්සාහ කිරීමේදී කොඳුඇට පෙළ එහා මෙහා වීම නිසා සුෂුම්නාවට ද හානි සිදුවිය හැකියි.

ශල්‍ය කර්මය සිදුවන අතරේදීම ඔහුගේ ස්නායු පද්ධතිය නිරීක්ෂණය කළ යුතුව තිබුණා. එහිදී මුළු සිරුරම ආවරණය වන ආකාරයට ස්නායු පද්ධතිය නිරීක්ෂණය කෙරුණා.

මොළයේ සිට පා ඇඟිලි දක්වා ස්නායු සංඥා ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළා. සුළු හෝ වෙනසක් ස්නායු පද්ධතියේ සිදුවුවහොත් ඒ හරහා දැනගන්න අවස්ථාව තිබුණා. අවසානයේ ලසිඳු සුවපත් කිරීමට අපට හැකිවුණා”

කොළඹින් බැහැර ප්‍රදේශවල මෙය බහුල රෝග තත්ත්වයක් වුණු මේ රෝගයෙන් පීඩා විඳින්න නොදී අහිසංක ජීවිතයක් සුවපත් කරන්න කටයුතු කරපු ආසිරි සෙන්ට්‍රල් රෝහලට වගේම එහි වෛද්‍යවරුන්ට හැමෝගෙම ප්‍රසාශාව හිමිවුණා.

විශේෂයෙන්ම ලසිඳුගේ පවුලේ අයගේ මූණට හිනාවක් ගේන්න වෛද්‍ය විද්‍යාවේ හාස්කමට පුලුවන් වුණා කියලා තමයි ඔවුන් හැමෝම කියන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button