පළකල දිනය : Sun, Jul 8th, 2018

ලංකාව දිනවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා දේශපාලනයට !

ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

වර්තමාන රජයට සම්බන්ධ පක්ෂයකින් මෙම ක්‍රීඩකයා දේශපාලනයට පිවිසෙනු ඇතැයි දැනගන්නට තිබේ.

පසුගියදා මොහු ඉන්දියාවේ ප්‍රබල දෛවඥයන් ගණනාවක් මුණගැසී ඇති බවද වාර්තා වෙයි.

දේශපාලනයට පැමිණීමේ ප්‍රථම පියවර වශයෙන් එම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා සම්බන්ධ වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට නියමිතව තිබේ.

දකුණු ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රභූ දේවාට මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාරදී ඇත.

පසුගිය කාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ද මෙලෙස දේශපාලනයට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කළද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

සංගක්කාර, මහේල සමඟ එක්ව ක්‍රීඩා කළ මෙම ක්‍රීඩකයා පන්දු යවන්නෙක් ලෙස කීර්තියට පත්වූවෙකි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button