පළකල දිනය : Mon, Jul 9th, 2018

රියදුරන් ගජ මිතුරෝ.. විහිළුවක් අනතුරක් වී 6ක් රෝහලට යැවූ අනතුර (Photos)

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී ඊයේ (09) දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවුනු අනතුරින් භික්ෂුණින් වහන්සේ නමක් ඇතුළු 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණා.

මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්‍රදේශයේදී සිදුවූ මෙම බස් රථ අනතුරින් බස් රථ දෙකෙහිම ගමන් ගත් තුවාල ලැබූ පිරිස් ගලෙවෙල ,කුරුණෑගල,ගොකරැල්ල,දඹුල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ පිරිස අතර රියදුරන් දෙදෙනා ද සිටින බව පොලිසිය සඳහන් කළා.

එසේම රෝහල්ගත කල පිරිස අතරින් විසිදෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර අනතුරට පත් බස් රථ දෙකම එකම පුද්ගලයෙකුට අයත් බස් රථ බව හඳුනා ගෙන තිබෙනවා. ඒ අතුරින් එක් බස් රථයක් ඇඹිලිපිටියේ සිට යාපනය බලා ධාවන වූ අතර අනෙක් බස් රථය වව්නියාවේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය කර තිබුණා.

මෙම අනතුරට හේතුව තවත් වාහනයකට ඉස්සර කිරීමට යාම බව පොලීසිය ප්‍රකාශ කලද, බස් රථයේ සිටි ජනතාව ප්‍රකාශ කරන්නේ ඊට විරුද්ධ අදහසක්.

ඒ අනුව ඔවුන් පවසන්නේ බස් රථ රියදුරන් දෙදෙනා ඈත සිටම අධික වේගයෙන් පැමිණ ඔවුන් දෙදෙනාගේ මිතුරුකමට බස් රථ දෙක එකට යා කිරීමට උත්සාහ කළ බවත්, සිදු කිරීමට ගිය එම විහිළුවේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ බස් රථ දෙක එකිනෙක ගැටුනු බවත්ය.

එසේම බස් රථ දෙකම එකම අයිතිකරුට අයත් බස් රථ බැවින් රියදුරන් දෙදෙනා නිතර ප්‍රධාන මාර්ගයේ දී හමුවී සංඥා දෙමින් විදුලි පහන් දල්වමින් ගමන් කිරීම සිදුකළ බවද ඇතැම් මගීන් ප්‍රකාශ කර තිබුණා.

  • 2.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button