පළකල දිනය : Tue, Jul 10th, 2018

සීයා මගේ නම්.. සිංදු සීයාගේ නම්.. ඒ ටික කියලා නම් අහුවෙන්න එපා !

සීයා මගේ නම්.. සිංදු සීයාගේ නම්..
ඒ ටික කියලා නම් අහුවෙන්න එපා.. දැන් මම ඉන්නවා..

පවන් මල්ලවාරච්චි, නැත්නම් නැසීගිය මිල්ටන් මල්ලවාරච්චිගේ

මුණුපුරා මේ විදිහෙ වදන් පෙළක් තමාගේ මුහුණුපොතේ (ෆේස් බුක් පිටුවේ) සටහන් කර තිබුණෙ මීට දින කීපයට පෙරදියි.

පවන් මේ විදියට සටහනක් තැබීම නිසා, බොහෝ දෙනෙක් ඊට ප‍්‍රතිචාර දක්වා තිබුණා. ඔහු මේ විදියට ප‍්‍රකාශයක් කරලා තියෙන්නේ තර්ජනාත්මක විදියටයි කියලා සමහරු ප‍්‍රතිචාර දක්වා තිබුණා.

මේ විදියට සීයාගේ සිංදුවල උරුමය රැුගෙන ගායන ලොවට පිවිස සිටින පවන් ඔහුගේ තාත්තා වන රනිල්ටත් වඩා හොඳින් ගීත ගයනා කරන වග තමයි බොහෝ දෙනා පවසන්නේ. හැබැයි ඔහු වෘත්තියෙන් ගායකයෙක් නම් නොවෙයි. ගුවන් නියමුවකු ලෙස කටයුතු කිරීමේ අරමුණ ඇතිව සිටිනවා.

ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටින පවන් සීයාගේ සිංදු ගැන මේ විදියට අදහසක් යොමු කළේ ඇයි?

පවන් මේ වදන් කාගෙද? මොකද ඔබට සිංහල ලියන්නට බැහැ නේද?

අදහස මගේ, ඒක මගේ යාළුවෙක් තමයි ලියලා දුන්නේ.

මේ වගේ දෙයක් ෆේස් බුක් පිටුවේ පළ කළේ ඇයි? ඔබ ඕනෑවට වඩා හිතට අරන් කියලයි බොහෝ දෙනා හිතන්නේ?

මිනිස්සු හිතන විදිය මට වෙනස් කරන්න බැහැ. අද වන විට සීයාගේ ගීත බොහෝ දෙනා ගයනවා. සීයා ගැයූ ගීත අතරින් අතිශය ජනප‍්‍රිය වූ තිහක් තිස්පහක් විතර ගීතවලට සීයා තමයි මෙලඩි එක දාලා තියෙන්නේ. ඒක බොහෝ දෙනා දන්නේ නැති දෙයක්. මම දැක්කා මගේ ෆේස් බුක් සටහනට ප‍්‍රතිචාර දක්වමින් කෙනෙක් යාං හෑල්ලක් ලියලා තිබුණා. අනේ මන්දා එයාට එච්චර වෙලාවක් තිබිලා ඒ ගැන ලියන්නත්. හැබැයි එයා දන්නෙත් නැතුව ඇති සීයා ගැයූ ගීත රැුසකට මෙලඩි දාලා තියෙන්නේ සීයා.

අවසර නැත මට…

පායා ආ සඳ…

මේ වගේ අතිශය ජනප‍්‍රිය වූ ගීත සඳහා සීයා විසින්මයි මෙලඩි එක දාලා තියෙන්නේ.

එතකොට ඔබ දැමූ සටහන තර්ජනය කිරීමක් කියලා හිතනවාද?

එක්තරා විදියට දැනුම් දීමක්. සීයාගේ ගීත විකෘති කරලා ගයනවාට මම කැමති නැහැ. සීයාගෙ ගීතවල තියෙන සුවිශේෂත්වය වන්නේ ඒ ගීත සීයා ගැයූ අපූරුවට වෙනත් කාටවත් ගයන්න බැහැ. ඒක අප පිළිගත යුතු සත්‍යයක්.

එතකොට ඔබට විතර ද සීයාගේ සිංදු ගයන්න පුළුවන්?

මම කිව්වනෙ සීයාගෙ සිංදු සීයා ගැයූ තරමට කාටවත් ගයන්න බැහැ කියලා. මටත් සීයාගෙ සිංදු සීයා ගැයූ විදියට ගයන්න බැහැ. සීයා ලෝකෙටම එකයි. හැබැයි සීයාගෙ ගීත මම ගයන්න පටන් ගත්තාම මට මිනිසුන්ගෙන් ලැබුණෙ ඉතා යහපත් ප‍්‍රතිචාර. සමහරු මට කිව්වේ යළි උපන්න මිල්ටන් කියලයි.

සීයාගෙ ගීතවලට ඉතාම හොඳින් සාධාරණය ඉටු කළා කියලත් සමහර පේ‍්‍රක්ෂකයින් කිව්වා. ඇත්තටම මම මේ වගේ සටහනක් ෆේස් බුක් පිටුවේ දැම්මෙ සීයාගෙ ගීත ගයලා මුදල් හම්බ කරන්න උත්සාහ ගන්න අයට දැන ගැනීමටයි. එහෙම නැතුව ටි‍්‍රප් යනකොට, ගෙදර විනෝදයට, පාටි, උත්සවවල දී මිනිස්සුන්ට සීයාගෙ ගීත ගැයීමේ තහනමක් නැහැනේ. අපි හැමෝම අපි කැමති අයගෙ ගීත මුමුණනවා. ඒත් සල්ලි හම්බ කරන්න ගැයීම කියන්නෙ වෙනත් දෙයක්.

ඇත්තටම කියන්න ඔබගෙ ප‍්‍රියතම ගායකයා කවුද?

ලංකාවේ අයගෙන් නම් සීයා තමයි. විදේශීය ගායකයින්ගෙන් රැුප් ගීත ගයන ඩ්‍රේක්.

‘එදා රෑ ගුවන් තොටුපළේදී’ ගීතය ඔබගෙ පි‍්‍රයතම ගීතය වුණේ කොහොමද?

මම කුඩා කාලයේ ඉඳලාම ඒ ගීතයට ආසා කළාලූ. ඒ ගීතය දැම්මාමලූ මාව නිදිකරවන්න පුළුවන් වුණේ. ඒක මට අම්මා කියූ දෙයක්. කොහොම වුණත්, ඒ තමයි මගේ ප‍්‍රියතම ගීතය.

ඒක හරියට දෛවෝපගත සිදුවීමක් වගෙයි නේද? ඔබගෙ සීයා ගුවන් ගමන් නොගිය ඊට බිය වූ කෙනෙක්. ඔබ අද ගුවන් නියමුවකු ලෙස පුහුණුව ලබනවා. අපි ඒ ගැන කතා කළොත්?

ඒ වෙනුවෙන් මගේ පළමු බලපත‍්‍රය (ලයිසන් එක) ලබා ගත්තා. දැන් ඊළඟ එකට ලැහැස්ති වෙනවා.

දැන් යානයක් තනියම පදවාගෙන යන්න පුළුවන්ද?

ඔව්. සෙස්නා 172 සැහැල්ලූ යානයේ මේ දිනවල පුහුණුව ලබනවා. ඉන්පසුව ඉහළ ගුණයෙන් යුතු වෙනත් යානයක් පැදවීමට අවසර ලැබේවි.

උඩින් යනකොට පවන්ට දැනෙන හැෙඟන දේ මොන වගේ ද?

පුදුම සතුටක් දැනෙන්නෙ. කීයෙන් කී දෙනාට ද ඒ වාසනාව ලැබෙන්නේ කියලා හිතලා නිහතමානීව සතුටු වෙනවා.

ඔබ උඩින් යන හැටි අම්මා තාත්තා දැකලා තියෙනවාද?

මුල්වතාවේ අම්මා එක්කගෙන ගියා. තව සති දෙක තුනකින් එයාලාව එක්කගෙන යන්න හිතාගෙන ඉන්නවා.

‘උඩින් යන පවන්’ සැබෑ ජීවිතේ කොහොම කෙනෙක් ද?

පොළවෙ පයගහලා ඉන්න කෙනෙක්. හරිම සරලයි.

පවන්ගේ සිත සොරා ගත්ත ආදර සුසුමක් එහෙම නැද්ද?

දැන් නැහැ. ගුවන් නියමු පුහුණු නිසා කාලයක් ගෙදර හිටියෙත් නැහැ. ආදරේ හරි වෙලාවට සුළඟක් වගේ ජීවිතයට හමා ඒවි.

විරහව විඳලා තියෙනවද?

තවම අවුරුදු 19යි නෙ.

පවන්ගෙම ගීත නැද්ද?

ඇයි නැත්තෙ. ආනන්ද පත්මසිරි මාමා ගීත දෙකක් ලියුවා.

ආදරේ සොය සොයා

සඳ හැංගිලා

ඉන්ද්‍රානි මහත්මිය තව එක මොහොතක් ගීතය ලියුවා. එතකොට අම්මා නිරාශා මල්ලවාරච්චි ‘සිහින ලෝකෙක’ ගීතය ලියුවා. දැනට එච්චරයි.

– සඳුන් ගමගේ

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button