පළකල දිනය : Tue, Jul 10th, 2018

ප්‍රසිද්ධ නර්තන උපදේශිකාව අධිවේගයේදී මාරයට බිළිවුන හැටි (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම පිවිසුම් හුවමාරුව අතර 70 වන කිලෝමීටර් කණුව අසලදී ඊයේ (09) මාරක රිය අනතුරක් සිදුවිය.

අනතුර සිදුවුනු අවස්ථාවේදී එම ප්‍රදේශයට පැවති වැසිබර කාළගුණ තත්වය නිසා රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ගැටී අනතුරට ලක්ව තිබුනා.

අදාළ අනතුරින් මිය ගිය කාන්තාව ජාතික තරුණ සේවා සභාවේ මහරගම පුහුණු මධ්‍යස්ථානයේ නර්තන උපදේශිකාවක් ලෙස සේවය කළ අයෙකු වන අතර ඇය පාදුක්ක වේරගල ප්‍රදේශයේ පදිංචි නදීෂා පෙරේරා නැමැති හතලිස් හැවිරිදි දෙදරු මවක්.

අනතුර සිදුවන අවස්ථාවේදී ඇය ආසන පටි පැළඳීමකින් තොරව සිටීම නිසා රථයෙන් ඉවතට විසිවී ගොස් තිබුණු අතර එම අනතුරෙන් රථයේ රියදුරු සහ තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button