පළකල දිනය : Wed, Jul 11th, 2018

මත්තල ඈවරයි ? ගුවන් තොටුපලේ අවසන් ස්කෑනර් යන්ත්‍රයත් ගලවා ඉවත් කරයි (Photos)

මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදු දීමට සූදානම් බවට පලවූ වාර්තා සමඟ ඒ පිළිබඳව රටේම අවධානය යොමු වෙලා තියෙනවා.

ලැබුණු ආරංචි මාර්ග අනුව එළඹෙන දෙසැම්බර් මාසයේ ඉඳලා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය ආයෝජකයකුට බදු දීම සඳහා සූදානම් වෙනවා කියලා දැනගන්න ලැබුනා.

ඒ වගේම ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවත් ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා එම ආරංචි මාර්ග වල සඳහන් වුනා.

අනූනව වසරක් සඳහා මත්තල ගුවන් තොටුපල බදු දී ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්ගේ ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණු බවත්, සියයට 70 ක කොටසක් ඉන්දියාවට සහ සියයට 30 කොටසක් ශ්‍රී ලංකාවට ලැබෙන පරිදි අදාළ ගිවිසුම සකස් කිරීමට නියමිත බවටත් ලැබුනු ආරංචි මාර්ග පිළිබඳව මීට පෙර අප නෙත් ගොසිප් ඔස්සේ ඔබව දැනුවත් කරා.

මේ අතර වාරයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථානගත කරතිබූ ගමන්මලු පරික්ෂා කිරීමේ ස්කෑනර් විටින් විට ගලවා ඉවත් කර ඇති අතර මගී පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරික්ෂා කිරීම සඳහා තිබු එකම ගමන් මලු ස්කෑනර් යන්ත්‍රය අද (11) ඉවත් කර එය කටුනායක ගුවන් තොටුපලට ගෙන ඒමට කටයුතු කර තිබුණා.

මේ ආකාරයෙන් මගී පර්යන්තයට ඇතුළු වන ස්ථානයේ තිබූ ස්කෑනර් යන්ත්‍රය ඉවත්කරගැනීම තුලින් ගුවන් තොටුපොල ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති වන බව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයින් පෙන්වා දෙනවා.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button