පළකල දිනය : Thu, Jul 12th, 2018

පුංචි පැංචෙක් ලොව ප්‍රබලතම ජනපතිවරයෙක් සමඟ කරපු වැඩක් (වීඩියෝ)

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ කුඩා දරුවෙකු අතර සිදුවන සංවාදයක් මේ වන විට මුළු ලොව පුරා අවධානයට ලක්ව තිබෙනවා.

මෙම සංවාදය සිදුවන්නේ ඉකුත් ජූනි මස 1 වන දා ඔහු මොස්කව්හි ළමා රෝහලක් නිරීක්ෂණයට ගිය අවස්ථාවේදීයි.

පුටින් ජනාධිපතිවරයා මෙසේ සංවාදයේ යෙදෙන්නේ වකුගඩුවක් බද්ධ කළ දරුවෙකු සමඟයි.

බද්ධ කිරීම සඳහා වකුගඩුව දරුවාට ලබා දී තිබුණේ ඔහුගේ පියායි.

පුටින් සහ දරුවා අතර සිදුවන සංවාදය ආරම්භ වන්නේ පහත පරිදියි.

දරුවා – හෙලෝ

පුටින් – හෙලෝ දරුවෝ මොකක්ද ඔයාගෙ නම?

දරුවා – අම්මේ මෙයාද ජනාධිපතිතුමා

අම්මා – ඔව්

දරුවා – ඔයාද ජනාධිපතිතුමා

පුටින් – ඔව්

දරුවා – මම සැවේලින්

පුටින් – සුබ දවසක් සැවේලින්, ඔයාට කොහොමද?

දරුවා – මම හොඳින් ඉන්නවා

එම සංවාදයේ සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button