පළකල දිනය : Sat, Jul 14th, 2018

විශ්වාසවන්ත රියදුරු නිසා බුද්ධි ලොක්කගේ ජීවිතය බේරුණු කතාව මෙන්න !

‍පොලිස් විශේෂ කාර්ය බළකා පාතාල මර්දන හා බුද්ධි ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ‍පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය ඝාතනය කිරීම සඳහා තමුන් කියන තැනකට ගෙනැවිත් දෙන්නේ නම් රුපියල් ලක්ෂ පනහක් ලබාදීමට ඩුබායිහි සැඟවී සිටින මාකඳුරේ මධුෂ් විසින් බුද්ධි ප්‍රධානියාගේ රියැදුරාට ඩුබායි සිට අමතා යෝජනා කර ඇත.

‍පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පාතාල මර්දනය සඳහා අරඹා ඇති බුද්ධි මෙහෙයුම් හේතුවෙන් මාකඳුරේ මධුෂ්ගේ පාතාල ජාලයට දැඩි පහරක් එල්ල වීමත් සමග වියරු වැටී සිටින මාකඳුරේ මධුෂ් මෙම ඉලක්කය ගැනීම සඳහා උත්සාහ ගෙන ඇතැයි හෙළි වී ඇත. ‍

පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානියාගේ විශේෂ කාර්ය බළකා රියැදුරා අමතා ලක්ෂ පනහක් දීමට හැකි බවත්, එම මුදල ගැනීම හා ඉලක්කය පැහැර හැරියහොත් රියැදුරාගේ සොහොයුරා මරා දමන බවට මාකඳුරේ මධුෂ් දන්වා ඇති බවත් රියැදුරුගේ හෙළිදරව්වෙන් පසුව බුද්ධි ප්‍රධානියාගේ ආරක්ෂාව තරකර ඇති බවත් අනාවරණය විය.

මාකඳුරේ මධුෂ් කියන තැනකට හෝ රියැදුරාට රැගෙන යා හැකි තැනකට ගෙනැවිත් දෙන ලෙසට යෝජනාවක් මාකඳුරේ මධුෂ් විසින් කර ඇති අතර, මීට පෙර රුපියල් ලක්ෂ පනහක් ඇප තබා බයිලා නමැති මධුෂ්ගේ ගෝලයකු නිදහස් කරගෙන ඇත්තේ මෙම ඉලක්කය ගැනීම සඳහා බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබි ඇත.

මේ අයුරින් එස්.ටී.එෆ්. පාතාල මර්දන ඒකකයේ සිට කඩුවෙල සමයංගේ පාතාලය මර්දනය කිරීමට නවගමුව ‍පොලිස් ස්ථානාධිපති ලෙස පත්ව ගිය ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා ඝාතනය කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත පාතාල කණ්ඩායමක් ගත් උත්සාහයක් පිළිබඳවද මීට පෙර කඩුවෙල මහෙස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කර තිබිණි.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා
– සඳරුවන් පලිහේන
(රිවිර)

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button