පළකල දිනය : Sun, Jul 15th, 2018

දකුණු අප්‍රිකාව පරදා ජය ලැබූ අපේ කොල්ලන් ආබාධිත රණවිරුවන් සමග ජය සමරයි (Photos)

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 278කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවන ප්‍රබලතම කණ්ඩායමක් වන දකුණු අප්‍රිකාව පරාජය කිරීම පහසු නොවන අතර මෙම ජයග්‍රහනය විශිෂ්ඨ ජයක් වන්නේ ඒ නිසයි.

මෙම ජයග්‍රහනයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අපූරූ පිරිසක් සමග මෙම ජයග්‍රහනය සැමරූවා.

ඒ තරගය නැරඹීම සදහා ගාල්ල ක්‍රීඩා පිටියට පැමිණි සිටි ආබාධිත රණවිරුවන් සමගයි.

එහිදි මෙම තරගයට ක්‍රීඩා නොකළ නිත්‍ය ටෙස්ට් නායකයා දිනේෂ් චන්දිමාල් පවා කණ්ඩායම් සමාජිකයන් සමග ආබාධිත රණවිරුවන් අසලට පැමිණ ඔවුන් සමග සුහදව ජයග්‍රහනයේ සතුට බෙදා හදා ගන්නා අයුරු දැකගත හැකි වූවා.

සිය ජිවීතයේ වටිනාම කාලය රට වෙනුවෙන් කැප කළ රණවිරුවන්ට දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රණාමය දැක්වූ අයුරු පහතින්,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button