පළකල දිනය : Mon, Jul 16th, 2018

කොළඹ බිල්ඩින් හදන්න හාරන පස් හෝදල – මිරිකල වැලි හදන සූත්තරේ !

රට යන ඉදිරි ගමනක් ගැන කොයි කවුරුත් කතිකා කරති.

මේ ගමන යද්දී ඇසට පෙනෙන, කනට ඇසෙන, අතට දැනෙන සංවර්ධනයක් කාගේත් බලාපොරොත්තුවයි.

බලාපොරොත්තු වන තරමේ විසල් සංවර්ධනය කොළොම්පුරයේ පාරවල් දිගේ ඕනෑ තරමට පෙනෙන්නට තිබේ.

බැලූ බැලූ අත අහස අල්ලන්නට යන අලූත් ඉදිකිරීම්ය. මේ සියලූ සුවිසල් ඉදිකිරීම් කෙරෙන්නේ කොළඹ සීමිත ඉඩ ඇති බිම්වලය.

අහස දෙසට සේම පොළොව තුළට ඇති ඉඩ ද මේ ඉදිකිරීම්වලදී එක ලෙසට වටින්නේය. පොළොව කණිමින් සොයාගන්නා ඉඩ සෑම විටකම පාහේ වෙන් වන්නේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලේ රථගාලටය. මේ කැණීම් දකිනා ඔබට, මට ඇසට පෙනෙනා ගැටලූවක් නැතිද.. සිතා බලන්න.

අඩි ගණන් පොළව කැණ මතුපිටට ගන්නා මහා පස් කන්දට සිදුවන්නේ කුමක්ද!මේ ගැන හරියටම කියන්නට දන්නා මිනිසෙක් අපට මුණගැසෙන්නේය. ඔහු නමින් රංජිත් සුමන බණ්ඩාර ය. ‘සුමන ඉදිකිරීම් සහ සැපයුම්‘ සමාගම ඔහුගේ ය.

”හැමෝම දැකලා තියෙනවනෙ කොළඹ දැන් හදන හැම බිල්ඩින් එකකම කාර් පාක් එක හදන්න පොළව යටට හාරනවා. ඒ හාරද්දි පස් කඩාගෙන නොවැටෙන්න, අහල පහල තියෙන බිල්ඩින්වලට, පාරවල්වලට හානියක් නොවෙන්න ලෝහවලින් සැකැස්මක් හදනවානේ. ඒකට කියනවා ශෝරිං කියලා. අන්න ඒ පොළොව හෑරීම සහ යකඩ මුක්කු ගහන එක තමයි මගේ කම්පැනියෙන් කරන්නේ. මෙතනදී මේ පස් ඉවත් කරන්න වෙනවනේ.

මුල් කාලෙ නම් මේ හාරන පස් ඉවත් කරලා දෙනවට ඉදිකිරීම කරන අය අපිට ගෙව්වා. ඒත් අද තත්ත්වය ඊට වඩා වෙනස්. ”ඔහු කියනා ඒ වෙනස අලූත් කතාවක පටන් ගැන්මය. හරියටම කිවහොත් අප සොයා ආ කතාව පටන් ගන්නේ එතැනිනි.

”අද අපි පස් අරගෙන එන්නෙ ඒ අයට සල්ලි දීලා. මොකද අපි අද ඒ පස් අරගෙන ඇවිත් කරන්නෙ පහත් බිමකට හලන එක නෙමෙයි. අපි ඒ පස්වලින් වෙනස් විදියේ දෙයක් කරනවා. අපි ඒ පස් හෝදලා වැලි ගන්නවා.” පස් සෝදා වැලි ගැනීම, අලූත් සේම වෙනස් කතාවකි!

‘මේක නීත්‍යනුකූල වැඩක් ද’ කතාව ඇසූ පමණින්ම අසන්නට සිතෙන්නේ එයයි. ”අපි මේ වැඬේ කරන්නෙ අදාළ රජයේ ආයතන සියල්ලෙන්ම නිසි විදියට අවසර අරගෙන. භූ විද්‍යා එකෙන් අවසර අරගෙන, පස් ප‍්‍රවාහනයට සහ වැලි ප‍්‍රවාහනයට අදාළ බලපත‍්‍ර අරගෙන කරන වැඩක්.

තව පැත්තකින් බැලූවාම සේවයක්. නිකරුණේ කොහේට හරි ගොඩ ගැහෙන පස්වලින් අපි කරන්නෙ ප‍්‍රයෝජනවත් වැඩක්. ”රංජිත් කියන්නේ වසර 18ක් තිස්සේ ඔහු ලැබූ අත්දැකීම්වලින් වචන බර කරමිනි.

”අපි කොයි තරම් තැන්වලින් අවසර අරගෙන කළත් රජයේ ගොඩක් අය දකින්නෙ මේක වැරදි වැඩක් විදියට. මේ වැඬේ නතර කරලා දාන්නයි ගොඩක් දෙනාට වුවමනාව තියෙන්නේ. කවුරු මොනවා කිව්වත් මේක අපි හිතු මනාපෙට කරන වැඩක්වත් අනවසරයෙන් කරන වැඩක්වත් නෙමෙයි. පසේ තියෙන වැලි ප‍්‍රමාණය නිශ්චිත කරගන්න මේ පස්වලට අපි මුලින්ම ගන්නව ලැබ් රිපෝට් එකක්.

අපි ගන්න හැම රිපෝට් එකකින්ම කියවෙන විදියට මේ පස්වලින් සියයට 80 ඉ`දලා 92 දක්වා ප‍්‍රමාණවලට තියෙන්නෙ වැලි. මේ රටේ වැලි හාරන්න ගංගා විනාස කරන කාලෙක ඇයි අපි මේ වගේ ප‍්‍රයෝජනවත් දෙයක් නිකන්ම අත්හැරලා දාන්නේ. ”ඔහු කියන්නේ ඇත්තකි. ගංගාවලින් වැලි ගොඩදැමීමට දැන් ලැබෙනා අවසරය ඉතා සීමිතය. මේ නිසා නීතිවිරෝධී වැලි ගොඩදැමීම් එමට ය. එයින් විනාශ වන්නේ අපේම පරිසරය නොවන්නේද!

”වැලි ගොඩ දාන්න අවසර දුන්නේ නැහැ කියලා ගොඩනැගිලි හදන්න ඕන කරන වැලි ප‍්‍රමාණය අඩු වෙන්නෙ නැහැනෙ. වැලිවලට තියෙන ඉල්ලූම එන්න එන්නම වැඩි වෙනවා. ඒකට හො`ද විස`දුමක් තමයි මේ ක‍්‍රමයට වැලි ගන්න එක. ”

පස් සෝදා වැලි ලබා ගන්න පියවරයන් එතරම් සංකීර්ණ නැත. ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් ලබා ගන්නා පස් ගෙන එන්නේ අංගොඩ ප‍්‍රදේශයේ ඇති සේදුම් ස්ථානය වෙතය. මේ සේදුම් කටයුත්ත සඳහා ජලය ලබා ගන්නේ අසල ඇති ඇළකිනි. පස එකතු කරන්නේ ජලයද එකතු වන සේදුම් යන්ත‍්‍රයකටය. පසේ සියුම් කොටස සේදී එකතු වන්නට ටැංකි සකසා ඇත. ඒ ටැංකිවලට එකතු වන වැල්ල ඒ සේදී එන මොහොතේම එකතු කර ගත හැකිය.

පස සේදීමට ගන්න ජලයේ වැඩි කොටස තවත් ටැංකියක් වෙත පොම්ප කෙරෙන්නේය. වැඩි වතුර පොම්ප කෙරෙනා ටැංකිවල වැලි සේදීමෙන් පසු ඉතිරිවන රොන් මඩ තැන්පත් වන්නට ඉඩ හැර නැවත ඒ ජලයම පස් සේදීමට යෙදවෙන්නේය. ජලය නාස්තියක්ද නැත.

”මේ එකතු කර ගන්න වැල්ල සිනි`දුයි. ඉදිකිරීම් වැඩවලට මේ වැල්ල පාවිච්චි කරන එක පහසුවක්. මොකද හලන්න ඕන නැහැ. කොහොමටත් ගොරෝසු වැලි ගෙනාවම හලද්දි කොටසක් අපතේ යනවාමනෙ. ඒ අපතේ යාම ඒ වැලිවල නැහැ.

ඒ වගේම වියදම පැත්තෙන් බැලූවත් මේ වැලි වාසියි. මේ වැලි කියුබ් එකක් අපි දෙන්නේ රුපියල් 10,000-11,000 අතර. ගෙ`ග් වැලි කියුබ් එකක් දැන් රුපියල් 17,500ක් විතර වෙනවා. සල්ලිකාරයෝ නොවන අයට, ලෝන් අරගෙන ගෙවල් හදන අයට මේ ඉතිරිය ලොකු ඉතිරියක්. ”

”කාට කාටත් පොදුවේ සේවයක් මේ වැඩෙන් වෙනවා වගේම ගමේ රස්සාවල් නැතුව හිටපු කීප දෙනකුට රස්සාවක් දීලා හො`ද ආදායමක් ලැබෙන තැනට ගේන්නත් මේ වැඬේ නිසා මට පුළුවන් වුණා. මම තමයි මේ පැත්තේ මේ වැඬේ මුලින්ම පටන් ගත්තේ.

මගෙන් බලාගෙන ගිහින් අද වෙද්දි තව කීපදෙනෙක්ම මේ වැඬේ කරගෙන යනවා. හැබැයි රජයෙන්, පොලිසියෙන් එන ප‍්‍රශ්න නිසා වැඬේ අත්හැරලා දාපු අයත් ඉන්නවා. ඒකෙන් වෙන්නේ රස්සාවල් නැතුව ඔහේ ඇවිද ඇවිද හිටපු මිනිස්සු ටිකක් ආයෙත් ඒ තැනටම වැටෙන එක විතරයි.”

ඔහු කියන්නේ මේ කටයුත්තෙන් රජයටද සැලකිය යුතු ආදායමක් ලැබෙනා බවය.

”අපි මේකට ලැබ් රිපෝට් එක ගන්නෙ රජයේ ආයතනවලින්. ඒ වගේම ඉන්ස්පෙක්ෂන්වලට කියලා මාසෙකට ගාණක් අපි ගෙවනව. මාසෙට ඉන්ස්පෙක්ෂන් තුන හතරක් කරන්න ඕන. ඒත් සමහර වෙලාවට අපි සල්ලි ගෙව්වට ඒ නිලධාරීන් එන්නෙ නැහැ. එහෙම එන්නෙ නැතුව ඒ අය කොහොමද කියන්නෙ අපි මේ කරන වැඬේ හො`ද නැහැ කියලා. ඒ අයට කරන්න තියෙන්නෙ මේ වැඩ කරන තැන්වලට ඇවිත් බලලා අපේ මේ වැඬේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්නලා, හදලා මේ වැඬේට මිනිස්සු උනන්දු කරවන එකනෙ. ඒ වුණාට රජයෙන් කතා කරන්නේ මේක ‘ජාවාරමක්‘ගාණට දාලා.

මේ වැඬේ නතර කරල බිල්ඩින් හදන තැන්වලින් හාරන පස් දාන්න වෙනම තැනක් දෙන්නම් කියලනෙ රජයෙන් කියන්නේ. මම කියන්නම් උදාහරණයක් එක්කම. මම දැනට වැඩ කරගෙන යන තැන මීටර් 14.8ක් යටට හාරනවා. එතන තියෙනවා පස් ලෝඞ් 3500ක් විතර, කියුබ්වලින් ගත්තොත් කියුබ් 11, 000ක් විතර. මෙයින් සියයට 80කට වැඩිය තියෙන්නේ වැලිනෙ. එහෙම එකේ ඇයි මේ පස් ටික අරගෙන ගිහින් ගොඩ ගහලා තියන්නේ. මම නම් කියන්නේ මේ මුළු පස් ප‍්‍රමාණයම නිකරුණේ ගොඩ ගහල තියන්න ඕන නැහැ.

එහෙම තියෙද්දි තමයි පස් සේදිලා ගිහින් ඇළවල් ගොඩ වෙන්නේ. මේ පස්වලින් වැලි ටික ගත්තම ඉතිරි වෙන පොඩි රොන් මඩ වගේ පස් ටික එකතු කරන්න විතරක් ඉඩක් තිබුණම හො`දටම ඇති කියන එකයි මගේ නම් මතය.”

”අන්තිමට ඉතිරිවෙන රොන් මඩ ටිකත් අපතේ යවන්න ඕන නැහැ. පැළ වවන්න ඒ පස හො`දටම හො`දයි. දැනටත් ඉල්ලූමක් තියෙනවා, මොකද දැන් කොළඹ ගහක් කොළක් වවා ගන්න පසක් නෑනෙ.”

රංජිත් කියන්නේ අපේ පස හාරා ගන්නා මේ මහා පස් කන්ද බි`දුවක් හෝ අපතේ නොයවා ප‍්‍රයෝජනයට ගත හැකි බවකි. එහෙත් වගකිව යුතු තැන්වලින් කෙරෙනා කෙනෙහිළිකම් විසින් මේ ප‍්‍රයෝජන සියල්ල අලූයම ලූ කෙළ පි`ඩක තැනට දමා ඇති සැටියකි.

”මම කියපු මගේ කතාවෙන්ම තේරෙනවනෙ මගෙ ආදායම් මාර්ගය මේ පස් හෝදලා වැලි අරගෙන විකුණන එක නෙමෙයි කියලා. රජය මැදිහත් වෙලා මේ වැඬේ නතර කරල දැම්මත් මට ජීවත් වෙන්න ක‍්‍රමයක් තියෙනවා. හැබැයි එහෙම කළොත් කරගන්න රස්සාවක් නැතුව අතරමං වෙන පිරිසකුත් ඉන්නවා. අන්න ඒ නිසයි මම කියන්නෙ මේක සල්ලි හම්බ කරන දෙයක්ම නෙමෙයි සේවයකුත් වෙනවා කියලා.”

රංජිත් කතා කරන්නේ ඔහු වෙනුවෙන් නොවේ. අපතේ යැවෙන්නට නියමිත අපේම සම්පතකින් වාසි ලබනා කොයි කවුරුත් වෙනුවෙනි. නිසි අවසර ලැබ නිසි අයුරින් කෙරෙනා කටයුත්තක් ‘ජාවාරමක්‘කරන්නට වෑයම් කරන්නෝ එසේ කරන්නේ කුමන සැ`ගවුණු අරමුණකින්දැයි කිසිවකුත් දන්නේ නැත. සිදුවන්නේ කෙනෙහිළිකම් නමුත් මේ කටයුත්ත ඇසට පෙනෙනා සේවයක් කරන්නා සේම ඇසට නොපෙනෙන තරමේ සේවයක් පරිසරය රැුකීම වෙනුවෙන්ද ඉටු කරන්නේ නොවේදැයි දෑස් හැර බැලිය යුතුය.

– සජීව චින්තක කහඳගම
– නෙලූෂා සිල්වා

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button