පළකල දිනය : Thu, Jul 26th, 2018

හිස කෙස් සුදු කරන්න ගිහින් සිදු වුන අපූරු ඇබැද්දිය !

තරුණ වියේ සිටින අයගේ පවා හිස කෙස් සුදු වීම මේ වනවිට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා.

මේ හේතුවෙන් හිස කෙස් කළ කිරීම සඳහා විවිධ ඩයි වර්ග රැසක් මේ වන විට වෙළඳ පොළට නිකුත් වෙලා තියෙනවා.

කොහොම වුනත් මේ වගේ ඩයි වර්ග භාවිතා කරන්න පෙර ඒ ගැන බොහෝ සැළකිලිමත් වීම වගේම ලබා දී ඇති උපදෙස් හරියටම පිළිපැදීම ඉතාමත්ම වැදගත් වනවා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ ඩයි වර්ගයක් පාවිච්චි කරලා කළු කෙස් සුදු කරගන්න ගිය මහනුවරට නුදුරු ප්‍රදේශයක ජීවත්වන පුදුගලයෙකු මුහුණ දුන් සිදුවීක්.

වෘත්තියෙන් කම්කරුවෙකු වන ඔහු පසුගිය දිනක දහවල් කාලයේ දිය නාමින් සිටි අවස්ථාවේදී කණ්ණාඩියෙන් මුහුණ බැලූ විට ඔහුගේ හිස කෙස් සුදු වර්ණ වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. පසුව ඔහු දිය නාම නතර කර සිය යතුරුපැදියේ නැගී අසළ වෙළඳසැළකට පැමිණ කොණ්ඩය කළු කරන ඩයි පැකට්ටුවක් මිලදී ගෙන තිබෙනවා.

යළි නිවසට ගිය ඔහු එම පැකට්ටුවේ තිබූ උපදෙස් කියවා බලා ඒ අනුව ඩයි හිස ගල්වා සෝදා හැර තිබුනේ තමන්ගේ සුදු වූ හිස කෙස් කළු කරගැනීමේ අදහසින්. නමුත් ඔහු කොන්ඩය ඩයි කිරීමත් සමඟ ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම කළු පැහැගැන්වී තිබෙනවා.

පසුව සබන් යොදා මුහුණේ තිබූ කළු පැහැය ඉවත්කිරීමට කොපමණ උත්සාහ කළත් එය අසාර්ථක වී තිබෙනවා.

පසුව සිය නිවසේ ගරාජයේ තිබූ ටිනර් බෝතලයක් ගෙනවිත් ටිනර් දමා මුහුණේ කළු පැහැය ඉවත් කර ගත්තද අවසානයේ ඔහුට වෛද්‍ය ප්‍රථිකාර ලබාගැනීමටද සිදුව තිබුණා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button